මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අද සමගි ජන සන්ධානය සමග එක් වී අවබෝධතා ගිවිසුම් අත්සන් කළහ.
පොහොට්ටුවෙන් තරග කර මන්ත්‍රි ධූර දිනාගත් මෙම මන්ත්‍රීවරුන් පසුව ස්වාධීන වී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වය සහිතව නිදහස ජනතා සභාවේ නමින් කණ්ඩායමක් ලෙස පෙනි සිටියහ.
මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ







