ආන්දෝලනාත්මක චීන නෞකාව වන යුවාන් වෑන්ග් 5 චන්ද්‍රිකා නිරීක්ෂණ අධි තාක්ෂණ නෞකාව හම්බන්තොටට පැමිණීම සටහන් කරමින් චීන තානාපති කාර්යාලය පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත.
දෙදහසකට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත නෞකාව හම්බන්තොටට සේන්දු වීම වාර්තා කිරීමට දේශීය සහ විදේශීය මාධ්‍ය රැසක් එම ස්ථානයට පැමිණ ඇත.
හම්බන්තොට වරාය විවෘත කිරීමෙන් පසුව එම වරායට පැමිණි නෞකා අතරින් වැඩිම අවධානයක් එල්ල වුණු නෞකාව යුවාන් වෑන් 5 බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 11 වැනිදා ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලු මෙම නෞකාවට ඉන්දියාවේ විරෝධය ඇතුළු කාරණා කිහිපයක් මත නෞකාව පමා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලා සිටියේය. පසුව එය ට අද දි ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසරය ලැබුණි.
මෙම නෞකාව පිළිගැනීමේ අවස්ථාවට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් ද හම්බන්තොටට පැමිණ සිටියේය. .මේ සඳහා පෙර කිසිදු උත්සවයක් සංවිධානය කිරිමේ සූදානමක් නොතිබුණද ඊයේ ඉන්දියාවෙන් ගුවන් හමුදාවට ලැබුණු ඩොනියර් ගුවන් නිරීක්ෂණ යානය පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධානය වීම හේතුවෙන් මෙම නෞකාවටද එවැනි පිළිගැනීමක් ලබා දීමට චීන නතානාපති කාර්යාලය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
අද උදෑසන 8.00ට පමණ හම්බන්තොට වරායට සෙන්දුවූ නෞකාව 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ ගත කිරීමට නියමිතය.