දෙසතියකට වරක් රජය විසින් සිදුකරන බව කී ඉන්ධන මිල සංශෝධනයට අනුව ලෝක තත්ත්වයන් යටතේ රටේ ඉන්ධන මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කළත් ඊයේ (15) මිල සූත්‍රය අනුව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබේ.
මෙම සංශෝධනය මගහැරෙන්නේ ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක ඉතා පහළ මිලකට වැටී ඇති අවස්ථාවකය.
WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.42ක් ලෙස අද උදෑසන වනවිට මිල නියම වී තිබිණි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොල්ර 93.01ක් විය.
බලශක්ති ඇමතිවරයාට අනුව සෑම දෙසතියකටම වරක් සිදුවිය යුතු මිල සංශෝධනය ඊයේ රාත්‍රියේ සිදුවිය යුතුව තිබුණත් එම සංශෝධන සිදුවී නොතිබුණි.
ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ නිශ්චිත පැහැදිලි කිරීමක් ද නොවීය.