නැගෙනහිර පළාතේ ඇති සියලුම සත්ත්ව ඝාතකාගාර, මස් කඩ සහ මස් අලෙවිසැල් (කුකුළු මස් කඩ හැර) අද සිට සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නියෝග කර ඇත.
පසුගිය දින කිහිපය තුළ හදිසියේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එලුවන් දහසකට අධික සංඛ්‍යාවක් මිය යාමට හේතු වූ කරුණු සමබන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන නිසාත් මිය ගිය සතුන් මසට විකිණීම සිදුවන බවට ලැබී ඇති තොරතුරු නිසාත් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඊයේ මේ සම්බන්ධයෙන් (11) ආණ්ඩුකාරවරියගේ අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.
තවද, එවැනි මියගිය ගවයින් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා අදාළ පළාත් පාලන ආයතන වගකීම භාර ගන්නා ලෙස හෝ පොදු ස්ථානයක සියලුම ගවයින්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට පියවර ගත යුතු බවටද ආණ්ඩුකාරවරිය නියෝග කර ඇත.







