සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර උරුමය වෙනුවෙන් හඬ නගන අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක්!

by editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Ampitiye-Sumanarathana
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ  බෞද්ධ උරුමය සහ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී ඉන්නා ප්‍රධානම හිමි නමක් වූ අම්පිටියේ සුමනරතන හිමියන්ට ඊයේ මධ්‍යම රාත්‍රියේ  දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානය…

උන්වහන්සේට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ අම්පාර කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරයේ උන්වහන්සේගේ ආවාසය තුළ සැතපී සිටින අවස්ථාවේ දී ය.

ආවාසයේ ජනේලය ආසන්නයේ නවත්වා තිබූ කැන්ටර් වර්ගයේ ලොරි රථයකට පසුපස සිට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ලොරි රථයේ යකඩ පටියක වැදී ඉවතට විසි වී ඇති බවත් තවත් වෙඩි ප්‍රහාරය දෙකක් සැතපී සිටි සුමනරතරන හිමියන් ගේ හිසට අඩි එක හමාරක් පමණ උඩින් බිත්තියට වැදී ඇති බවත් විමර්ශන අංශ කියයි.

 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කෙවිලියාමඩුව අභිනවාරාමය ඉදිකර ඒ අසල භූමියේ වැව් දෙකක් නිර්මාණය කර විශාල ගොවිපලක් සුමනරතන හිමියන්ගේ අනුශාසනා යටතේ ඉදි කර ඇත.  වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මඩකලපුවේ ප්‍රධාන පන්සලේ සිට මෙම ගොවිපල ආශ්‍රිතව  ඉදිකළ පන්සලට උන්වහන්සේ වැඩම කළ අවස්ථාවේ දී ය. අම්පාර ප්‍රධාන පන්සල වෙත පොලිස් ආරක්ෂාව සපයා ඇත.

අම්පිටියේ සුමනරතන හිමියන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් තිබුණු බවත් ඒ හේතුවෙන්ම මඩකලපුව ප්‍රධාන පන්සලට පොලිස් ආරක්ෂාව සලසා දී තිබිණි.  කෙවිලියාමඩුව පන්සලට සිවිල් ආරක්ෂක භටයින් කීප දෙනෙක් ලබා දී තිබුණ දපොලිස් ආරක්ෂාව   සලසා නොතිබුණ බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ දී සිවිල් ආරක්ෂක භටයින් 03ක් ද පන්සලේ රාජකාරි කරමින් සිටි බව විමර්ශනවල දී හෙළි වී ඇත.

දිගින් දිගටම තමන්වහන්සේට  තිබූ තර්ජන හේතුවෙන් පොලිසිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට, ඇතුළු සියලුම අංශ වෙත ලිපි යොමු කරමින් මඩකලපුව පන්සට පමණක් නොව,  තමන්ට ද පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා තිබුණ ද පන්සලෙන් එළියට තවමත් වැඩම කරන්නේ හුදකලාව බවත් ඉල්ලූ ආරක්ෂාව නොලැබුණ බවත් උන්වහන්සේ ලංකාසරට අදහස් දක්වමින් ප්‍රකාශ කළහ. උන්වහන්සේ පවසන්නේ වසර තිහක් තිස්සේ අම්පාර මුල්කරගෙන තමන් සමාජ ශාසනික සේවා පවත්වාගෙන ගිය ද මෙවැනි ප්‍රහාරයක් එල්ල වුන මුල්ම අවස්ථාව මෙය බවය.

හිසට ඉහලින් වෙඩි වැදුණු තැන…

“ තුවක්කුව තව දශම ගණනක් එහෙ මෙහෙ උනානම් මෙහෙම කතා කරන්න මම අද මෙතැන නෑ”. උන්වහන්සේ පැවසූහ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයට එරෙහිව කොළඹ පැවති භික්ෂු විරෝධතා පා ගමනට එක්වීමෙන් අනතුරුව තමන්වහන්සේට තර්ජන වැඩි වූ බව ද අම්පිටියේ සුමනරතන හිමියෝ කීහ.

මේ වනවිට සිද්ධිය පිළිබඳ පුලුල් විමර්ශනයක් අරඹා ඇති බව පොලිස් විමර්ශන අංශ පවසයි. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම අරඹා ඇති බවත්, නිල පොලිස් සුනඛයින් යොදවමින්, අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් ( SOCO) කැඳවමින් පුලුල් විමර්ශනයක් අරඹා ඇති බව විමර්ශන අංශ පවසයි.

දින කීපයක් තුළ අපරාධකරුවන් කොටු කරගත හැකි වනු ඇතැයි විමර්ශකයෝ විශ්වාසය පල කරති. මංගලගම පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Share69Tweet43
Previous Post

ඖෂධ මිල ඉහළ යෑමට හේතුව රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව සමාගම් සමග එක්වී කරන ජාවාරමක් – වෛද්‍ය සංගම් හෙළිදරව් කරයි…

Next Post

ස්වභාවික විපත වඩාත් නරක් වුනේ මිනිසුන්ගේ වරද නිසාද?.  තුර්කියේ  ඉදිකිරීම් කරුවන් 113කට වරෙන්තු

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.