නාවික හමුදාව විසින් ගාල්ලේ පවත්වාගෙන ගිය වානිජ නෞකාවලට ආරක්ෂාව සපයන සේවාවන්ට අවි ආයුධ සපයන ගබඩාව ලබන 15 වැනිදා සිට රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාඩ් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය නාවික හමුදාව වෙත දන්වා තිබේ.
ඒ අනුව ගාල්ලේ පිහිටි නාවික හමුදාවේ ඊට අදාල අවි ගබඩාව රක්නා ලංකා අවන්ට්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පවරා දීමට කටයුතු යොදා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අවි ගබඩාවේ පවතින සියලුම අවි ආයුධ , පතරොම් සහ අදාළ සියලුම උපකරණ ලබන 15 වැනිදා (අනිද්දා ) වනවිට රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් සමාගම් නියෝජිතන් වෙත භාර දෙන ලෙසටද දන්වා ඇති බව සඳහන් ය.
වානිජ නෞකාවලට මුහුදු කොල්ලකරුවන් සහ ජාවාරම්කරුවන්ගෙන් ඇතිවන තර්ජන හේතුවෙන් එම නෞකාවලට ආරක්ෂාව සැපයීමේ කටයුත්ත ට අදාළ අවි සහ ආම්පන්න ලබා දීම ගාල්ලේ පිහිටි මෙම OBST (On Board Security Teams) නම් නාවික ඒකකය මඟින් පවත්වාගෙන ගියේය.
මෙම කටයුත්ත මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නාවික හමුදාව හරහා රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලැබුණි.