නාලන්දා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඉන්දියාවේ අරාණාචල් ප්‍රදේශයේ පසුගියදා පැවති කතිතාවට ඉන්දියාව පුරා සිටින නියෝජිතයින් හයසීයකට අධික පරිසක් සහභාගී විය.
මෙම කතිකාව “නාලන්දා බුද්ධාගම – ආචාරීන්ගේ අඩිපාරේ මූලාශ්‍රය නැවත සොයා ගැනීම: නාලන්දාවේ සිට හිමාලය දක්වා සහ ඉන් ඔබ්බට යන මැයෙන් පැවති අතර ඒ සඳහා අරුණාචල් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය පේමා ඛන්දු ද සහභාගී විය.
නාලන්දා බෞද්ධ දර්ශණය ඉන්දියාවේ නාලන්දා ආරාම විශ්ව විද්‍යාලයෙන් මූලාරම්භය ලබා ඇති අතර උතුරු ඉන්දියාව, භූතානය සහ ටිබෙට් ආභාෂය ඇති ප්‍රදේශ පුරා පැතිරී ඇත.
ඒ් අනුව කලාපය තුළ ජනතාව සහ ආගම් අතර සබඳතා සැමරීම මෙම සමුළුවේ අරමුණ වී තිබිණි. මෙහිදී අරුණාචල් ප්‍රදේශ් යනු විවිධ ආගම් සහිත විවිධ ප්‍රාන්තයක් බව අරුණාචල් ප්‍රධාන අමාත්‍ය පේමා ඛන්ඩු ප්‍රකාශ කළේය. සියලු ආගම් සාමකාමීව සහජීවනයෙන් සිටීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයේ ඇති වැදගත්කම පිළිබඳව ඔහු අවධාරණය කළ අතර, 1959 දී 14 වැනි දලයි ලාමා ඉන්දියාවට ඇතුළු වූ අවසන් ඉන්දීය දේශසීමාව සෙමිතාන්ග් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
නාලන්දා බුද්ධාගමේ හරය වන තර්ක කිරීමේ සහ විශ්ලේෂණ මූලධර්මය ඛන්දු අගය කළේය. ඒ් අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පවා පරීක්ෂාවට ලක් කිරීමට නාලන්දා බුදුදහම අනුගාමිකයින්ට අවසර දී ඇති බව ඔහු අවධාරණය කළේය. සිය දේශනයේදී පේමා ඛන්ඩු අරුණාචල් ප්‍රදේශ් ජනතාව ඔවුන්ගේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ආගමික අයිතීන් ආරක්ෂා කිරීම ගැන ප්‍රශංසා කළේය. 21 වැනි සියවසේදී බුදුදහම මුහුණ දීමට අපේක්ෂා කරන අභියෝග පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඔහු සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටි අතර ඒහිදී ඒ් සම්බන්ධයෙන් විශේෂ අවධානයෙක් යොමු කරන ලෙස තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.