ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන පවසයි.
වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සභාපතිවරයා කියා සිටියේය.
රටපුරා වර්ෂාපතනය ඉහළ යෑම, උෂ්ණත්වය ඉහළ යෑම යන තත්ත්වයන් නිසා ඩෙංගු පැතිරී යෑම වේගවත් වන බවත් 2017 වසරෙන් පසුව වැඩිම රෝගීන් ගණනක් 2023 වසරේදී වාර්තා වන බවන බවත් මේ තත්ත්වය ඉදිරියේදී වැඩි වීමට ඉඩ ඇති බැවින් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.