කිර්ති ප්‍රනාන්දු –
නාය යාම පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබියදීත් එම ස්ථානවලින් ඉවත් නොවන කණ්ඩායම සඳහා නීතිමය පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ පවසයි.
එලෙස ඉවත් නොවන පිරිස් ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගනිමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇතැයි ඔහු පවසයි.
එසේම එම නිවේදක සහ අවවාද පිළිනොගන්නා කණ්ඩායම් ඉවත් කිරීම සඳහා පොලිසියේද සහය ඇතිව අවශ්‍ය කටයුතු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ද බලය පවරා ඇති බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පුද්ගල ආරක්ෂාව පිළිබඳව සිතා එම පියවර ගැනීමට සිදුවන බවද වැඩිදුරටත් කීය.







