දැනට දැඩි සේ ඉහළ ගොස් ඇති මෙරට ලියාපදිංචි කළ වාහන මිල ගණන් පහත දැමීමේ අරමුණින් මිල පාලනය කිරීම මෙන්ම එම වාහන තනි තනි පුද්ගලයන් විසින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීම සඳහා දැනට මූල්‍ය ආයතනවලන් වාහන සදහා පහසුකම් ලබා දීමේදී ක්‍රියාත්මක වන වටිනාකමට සාපෙක්ෂව ණය අනුපාතික (Loan to Value Ratio) ය සියයට 70 සිට 40 දක්වා පහළ දමන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන් ගේ සංගමය (VIASL) රජයට යෝජනා කරයි.
2021 ජාතික අයවැය කෙරෙහි අවධානය යොමු කරන ලද අයවැය යෝජනා කිහිපයක් ලැයිස්තුගත කරමින් එම සංගමය විසින් මෙම යෝජනාව කරනු ලැබ ඇති අතර එමගින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම අධෛර්යවත් වීම මගින් වාහන ඉල්ලුම පහළ යාම මත මිල අඩු විය හැකි බවට ඔවුහු විශ්වාස කරති. එසේම ඔවුන් මෙම යෝජනාව මඟින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති මෙරට ලියාපදිංචි කළ වාහන වෙළෙඳපළේ ඇතිවිය හැකි වෙනස්කම් මූල්‍ය ක්ෂේත්‍රයටද අහිතකර ලෙසින් බලපා ඇති බැවින් එය පාලනය කිරිම එම ආයතනවලටද වඩාත් හිතකර විය හැකි බවය.
වාහන ආනයනය නවත්වා ඇති පසුබිමක් තුළ මෙරට ලියාපදිංචි වාහන වෙළෙඳපොලේ මිල මට්ටම් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගිය අතර සාමාන්‍යයෙන් සෑම මට්ටමකටම වාහනයක මිල සියයට 200ත 300ත් අතර ප්‍රමාණයකින් ඉහල ගොස් තිබේ. පවතින ඉල්ලුම සහ වෙනත් ව්‍යාපාර , කර්මාන්ත අඩාළ වීම තුළ වෙනත් වයාපාරවල නියැළි පුද්ගලයන්ද මේ වනවිට වාහන ව්‍යාපාරයට අවතීර්ණ වී ඇති අතර ඔවුන් ගේ බලපෑම මත කර්මාන්තයේ ස්වරූපය දැඩි වෙනසකට ලක්ව ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති. VIASL ප්‍රකාශ කළේ LTV අනුපාතය පහත හෙලීමෙන් පෙර හිමි මෝටර් රථයේ කිසියම් ප්‍රබල වෙනස්කම් ඇති වුවහොත් මූල්‍ය ආයතනවල සහ බැංකු අංශයේ ඕනෑම අහිතකර බලපෑම් වලින් ආරක්ෂා වන බවයි