අද (07) උදෑසන නිවසේ සිට පෙර පාසල දක්වා ගමන් ගමන් කරමින් සිටි පේරාදෙණිය මුරුතලාවේ පෙර පාසල් ගුරුවරියක නාඳුනන ඝාතකයෙක් විසින් ගෙල කපා මරා දමා තිබේ.
මෙසේ මරා දමා ඇත්තේ පේරාදෙණිය මරුතලාව ප්‍රදේදෙශයේ පදිංචි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නැමැති පෙර පාසල් ගුරුවරියකි.
පෙර පාසලේ පැවැත්වෙන අවුරුදු උත්සවයකට සහභාගී වීම යන අතර තුර දී නිවසේ සිට මීටර් 750 ක පමණ දුරින් මාර්ගයේ දී පිටුපසින් පැමිණි යතුරුපැදි කරුවකු විසින් මෙම තරුණියගේ ගෙල කපා පලා ගොස් ඇත.
ප්‍රදේශවාසීන් විසින් තරුණිය ඉලුක්තැන්න රොහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ සම්බන්ධව පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශය විසින් වැඩි දුර විමර්ශන සිදු කරයි.







