දිනසේන රතුගමගේ
මියගිය කාන්තාවකගේ මළ සිරුරක් යාපනයේ ගොවිපල අසල මුහුදු වෙරළට 9 දා ගොඩ ගසා තිබේ. මියගිය කාන්තාව කවුරුන්දැයි මෙතෙක් හදුණා ගෙන නොමැත.
පොලීසියට මහජනතාව ලබා දුන් තොරතුරක් මත පොලීසිය පැමිණ මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ. යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මියගිය සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.








