ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ක්‍රියාකාරීව තිබු සීටි ස්කෑන් යන්ත්‍රය පසුගිය ජනවාරි 25 වෙනිදා කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ඉවත් කර ඇත්තේ නව යන්ත්‍රයක් ස්ථාපිත කරන බව පවසමින් යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් එම යන්ත්‍රය ගලවන අවස්ථා වන විට තබා මේ වන විට හෝ අදාල සීටී ස්කෑන් යන්ත්‍රය මෙරටට ලැබී නැති බවත් එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට තවත් කාලයක් ගතවනු ඇති බවත් ලංකාසර කළ විමසුමකදි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
මෙම යන්ත්‍රය ගලවා දැමීම හේතුවෙන් හදිසි අනතුරු අංශයේ සහ විශේෂිත ස්නායු ශල්‍ය ඒකකයේ රෝගීන්ව ස්කෑන් පරික්ෂණයන්ට ලක්කිරීමට නොහැකි වීමෙන් මහත් අපහසුවකට පත්ව ඇතැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.
මෙසේ මොළය සහ ස්නායු පද්ධතියේ ඉතා සංකීර්ණ ශල්‍යකර්ම වලට භාජනය කළ රෝගී, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, බරපතල හදිසි අනතුරුවලට ලක්ව වෙනස්වන ජීවිත තර්ජන සහිත රෝගීන්, දුරබැහැර ඒකකයකට ප්‍රවාහනය කරමින් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම රෝගී ජීවිත දැඩි තර්ජනයකට ලක්වී ඇති අතරම කාර්‍යමන්ඩලය දැඩි අපහසුතාවයකට ලක්වී ඇති බවද වාර්තා වේ.
නව යන්ත්‍රය රෝහලට ගෙන ඒමට පෙර මෙසේ උපදෙස් ලබා දුන් නිලධාරීන් කවුදැයි විශේෂයෙන්ම සොයා බැලිය යුතුයැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.