මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුරෝකථනය පදනම් කරගෙන අද (28) හෙට (29) සහ අනිද්දා (01) තෙදින තුළ දිවයිනේ කිසිදු පාසලක දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමනේ ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව පැවැත්වීම වළක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
මේ කාරණාව සම්බන්ධ සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කරමින් පසුගිය 26 වැනිදා මේ නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුව ඉදිරියේ දී ද ක්‍රියා කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
දරුවන් අධික හිරු රැසට විවෘත වීමට ඉඩ හැරීමෙන් තාපා ආඝාත තත්ත්වයන් ඇති වී බරපතල ව්‍යසනයන්ට මුහුණ දිය හැකි බව වෛද්‍යවරු නිරන්තරව වගකිවයුත්තන් දැනුම්වත් කරමින් තිබිණි.