දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අප්‍රේල් මස 25 වෙනිදා උතුරු නැගෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්වවලට ලබාදීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව, පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම ඇතුලු හේතූන් කීපයකට විරෝධය පල කිරීම සඳහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවය.
උතුරු නගෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් දියත් වන දිනයේදී සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වාගෙන යාම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයෝ රජයේ සේවකයින්ද මෙම පූර්ණ හර්තාලයට සහය ලබා දිය යුතු බව දැණුම් දී තිබේ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අප්‍රේල් මස 25 වෙනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එදිනට පාර්ලිමේන්තුව තුළද විරෝධතාවයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු සැලසුම් කොට ඇත.







