නවසීලන්තයේ වෙලින්ටන් අසල කේන්ද්‍රගත වූ රික්ටර් පරිමාණයේ 6.3 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමිකම්පාවකින් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් කම්පනයට පත් වී ඇතැයි නවසීලන්ත මාධ්‍ය සඳහන් කරයි.
තත්ත්පර 30 ක පමණ කාලයක් පැවති මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට පැරාපරාවමු Paraparaumu සිට කිලෝමීටර 50 ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 48 ක් ගැඹුරින් සිදු වූ බවට ‘ජියෝනෙට්’ හි සඳහන් ය.
ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් ඇතුළුව 60,000 කට අධික කිවි ජාතිකයන් හට භූමිකම්පාව දැනුණු බව නිල එම වෙබ් අඩවිය සමඟ වාර්තා කර තිබිණි. සුනාමි අවධානමක් නොමැති බවට ජාතික හදිසි කළමණාකරණ මධ්‍යස්ථානය පවසා තිබූ අතර වෙලිංටන් ප්‍රදේශයේ හදිසි කළමණාකරණ කාර්යාලය පැවසුවේ පසු කම්පන අපෙක්ෂා කරන බවයි.
මෙම කම්පාවෙන් මඳ වේලාවකට පසුව රික්ටර් මාපක 4.0 ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ටව්මරයුනුයි Taumarunui සිට කිලෝමීටර් 45ක නිරිත දෙසින් හා කිලෝමීටර් 78ක ගැඹුරින් සිදු වී තිබේ.
භූමිකම්පාවේ බලපෑමට ලක් වූ නෙල්සන්ස් ජැන් මැකලම් පවසා තිබුණේ එය මෘදු සෙලවීමකින් පටන් ගෙන විශාල කම්පාවක් බවට පත් වූ බවයි. තවත් අයෙකු පවසා තිබුණේ මුළු දෙමහල් නිවසම දරුණු ලෙස සෙලවුණු බවයි







