වසර දෙකක නිහැඩියාවකින් පසු දිවයිනට පැමිණෙන දහස් සංඛාත සංචාරකයින් පිළිගැනීම වෙනුවෙන් නත්තල් කැරොල් ගීත ගායනයක් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් අද සිට කටුනායක ගුවන් තොටුපලේ දී ආරම්භ කර තිබේ.
ඊට අමතරව ලොව නන්දෙසින් පැමිණෙන පුංචි දරුවන් වෙනුවෙන් නත්තල් තෑගි, රසවත් ආහාර ලබාදීමට ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරයි.


















