නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති බවත් ඉදිරි දින කීපයේ දි එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව වාර්තාත් විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් ඔස්සේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 900ක් එක්කරන අතර මේ වන විට එක් ජනන යන්ත්‍රයක් මගින් පමණක් ජාතික පද්ධතියට විදුලිය එක්කරනු ලැබේ.
තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වට පත් කෙරෙමින් තිබේ. .







