සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නග්ගා – බස්සා ,  නග්ගා -ටිකක් බස්සා ෂේප් එකේ ගැසූ ගෑස් ගේම

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
gas-shortage
Share on FacebookShare on Twitter

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185 කින් ඉහළ නැංවීමට කටයුතු  කිරීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල්  4,860 ක් දක්වා ඉහළ  ගොස් තිබේ.

අද මධ්‍යම රාත්‍රිය දක්වා   ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 2,675 ක මිලකටය.

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගෑස් මිල වැඩිවීමක් අපේක්ෂා කරන ලෙසත්    සමාගම ලබා ඇති පාඩුව හමුවේ මිල වැඩිකිරීමකින් තොරව ලබන මස සිට ගෑස් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් කීවේය.

ඔහු කීවේ  කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයකින් සමාගමට රුපියල් 2500ක් පාඩු වන බැවින්  එම සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා මිල ඉහළ දැමිය යුතු බවය.  මිල වැඩිවිමක් අපේක්ෂා කරන ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

රිවස් කරගත් හැටි

සභාපතිගේ මේ කතාව අලුත් එක්ක නොවේ.  මේ ආකාරයෙන්ම මේ මිල ගණන්වලින්ම  පසුගිය 22 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම මිල වැඩිවීමක් නිවේදනය කළේය.  එක්වරම රුපියල් 2500කින් ගෑස් මිල ඉහළ ගිය විට මිනිස්සුන්ගේ හුස්ම හිර විය. එහෙත් ඒ සමගම රජය නිවේදනය කළේ ඒ මිල වැඩිවීම පිළිනොගන්නා බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට රාජ්‍ය පරිපාලනයේ අනුමැතිය ලැබී නොමැති  බැවින්      කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරය පෙර මිලටම අලෙවි කරන බව රජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ලිට්‍රෝ සමාගම ගෑස් මිල රිවස් කරගත්තේය.

මිල සංශෝධනය කළාට ගෑස් නෑ…

විශේෂත්වය වන්නේ මේ මිල වැඩිකිරීම හා රිවස් කිරීම සිදුවන අවස්ථාව වන විට වෙළෙඳපලට ගෑස් නිකුත් කිරීම පුරා දින 10ක් තිස්සේ නැවතී තිබීමය. වෙළෙඳපලේ එකම ගෑස් සිලින්ඩරයක්වත් නැති අවස්ථාවක මිල වැඩිවීම කළේය. මිල රිවස් කළේය.  මිනිස්සු පත්තු වී නිවී ගියහ.

ලිට්‍රෝ සමාගම කී ආකාරයට ගෑස් බෙදීම පටන් ගන්නට හිටියේ අදය. එහෙත් අදත් ගෑස් නැත.  සති දෙකක් ගෑස් නැති රටක ගෑස් සමාගමේ සභාපති මාධ්‍ය හමුවක් කැඳවා පසුගිය 22 දා කී කතාවම  දින 04කට පසු අද යළි කීවේය.

ඒ සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 2500ක්  සමාගමට  පාඩු බැවින්  රුපියල්  5175ක් තෙක් ගෑස් මිල වැඩි කළ යුතු බවය.

එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා පැය කීපයකින්  ගෑස් මිල වැඩි කළේය. ඒ  යෝජනා කළ මිලට වඩා  රුපියල්  315ක් අඩුවෙනි. එනම් රුපියල් 5175ක් බව කී ගෑස් සිලින්ඩරයක්  රුපියල් 4,860කට   මිල නියම කර තිබේ.  රුපියල් 2500ක් වෙනුවට      රුපියල් 2150ක  මිලකට ගෑස් මිල නන්වනු ලැබුවේය.

මේ සෙල්ලමේ සාරාංශය මෙසේය.

  1. දින හතරකට කලින් ගෑස් සමාගම ගෑස් නැති රටක ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දැම්මේය. මිනිස්සු පාරට බහින්න තරම් උද්වේගකර වූහ. එහෙත් ඒ ක්ෂණයකින් රජය මැදිහත් වී මිල වැඩිවීම අවලංගු කර ගෑස්  පරණ මිලට ගෙනාවේය.
    ‍
  2. ඊට දින හතරකට පසු යළිත් ගෑස් සමාගම මාධ්‍ය ඉදිරියට ආවේය. ගෑස් සිලින්ඩරයක් 2500කින් වැඩි කළ යුතු බව කීවේය. ගෑස් මිල 5175ක් වනු ඇතැයි පැවසුවේය.
  3. ඊට පැය කීපයකට පසුව ආණ්ඩුව ගෑස් මිල වැඩි කළේය. ඒ වැඩිකරන බව කී 2500ට වඩා රුපියල් 350ක් අඩුවෙනි. මිල වැඩිවීම 2150කි. ගෑස් සිලින්ඩරයක් 4860කි.
  4. දැන් මිනිස්සුන්ට සතුටුය. දැවෙන ආවේගය නැත. ඔවුන් කල්පනා කරන්නේ අඩු වී ඇති රුපියල් 350 ගැනය.
Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් අමාත්‍යංශයෙන් සියලුම රාජ්‍ය ආයතනවලට නියෝගයක් – මුදල් වැය කිරීම අත්‍යවශ්‍යම දේට පමණයි

Next Post

ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ… ඕන නම් ණය ගෙවන්න ණයක් දෙන්නම් – චීනය දන්වා එවයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.