බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධමිමික පෙරේරා සමග එන්පීපී ආණ්ඩුවට ඩීල් එකක ද?… මුජිබර් රහුමාන් ශුද්ධවන්යින්ගේ ආණ්ඩුවේ පතිවත හෙළි කරයි!

by editor
පෙබරවාරි 5, 2025 - Updated on පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
අද  (05) සමගි ජනබලවේග පාර්ලිමේන්ත මන්ත්‍රි මුජබර් රහුමාන් කන්‍යාවක් ලෙස අප හමුවට පැමිණි ආණ්ඩුව මරදානේ පෙව්මන්ට් එකේ හමුවන විදී ගණිකාවකට සමාන බවට හැඟවෙන ඇඟ කිළිපොළා යන හෙළිදරව්වක් කළේය.

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් සඳහා ජාත්‍යාන්තර මිල ගණන් කැඳවීමේ දී මූලික පරිවිතරයන් සැපිරීමට අපොහොසත් වී ටෙන්ඩර් පටිපාටියේ මුල්ම අවස්ථාවේ දී ප්‍රතික්ෂේප වුන ධම්මික පෙරේරාගේ සමාගමකට ජාතික ජන බලවේග රජය විසින් එම ටෙන්ඩරය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව සියලු ලිපි ලේඛන සමග මුජිබර් අද පාර්ලිමේන්තුවට කීවේය.

එම ටෙන්ඩරය ඔහුට ලබා දෙන්නේ එය ලබා දී තිබුණ වින්ෆොස් නැමැති සමාගම අධිකරණ ක්‍රියාවලියක සිටිය දී රාජ්‍ය නිලධාරියෙක් හරහා එම අධිකරණ ක්‍රියාවලියෙන් සමාගම ඉවත් කරගැනීමෙන් අනතුරුව බව මුජිබර් කීවේය.

මේසයට ගසා පපුවට තට්ටුකර ටෙන්ඩර් මගඩි ඇතුළු දූෂණ නොකරන බවට සපථ වූ ජාතික ජන බලවේග ආණ්ඩුවට මින් ඉදිරියට ජනතාව සමග ගනුදෙනුව කරගෙන යෑම සඳහා මුජිබර් රහුමාන් කළ මේ හෙළි දරවුව්ට සාධනීය පිළිතුරක් ලබා දිය යුතු බව විශ්වාස කරමු.

මෙතැන් සිට අප වාර්තා කරන්නේ මුජිබර් රහුමාන් විසින් ඒ හෙළිදරව්ව කළ ආකාරය ඔහුගේම වචන වලිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අපේ රටේ මන්නාරමෙ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයකට මිළ ගණන් කැඳෙව්වා. ඒ මිල ගණන් කැඳවන්නේ 3/14/2024. ඒකට ආයතන 05ක් ඉල්ලුම් කරනවා.

ඊලඟට 5/09/20 24 මේ ටෙන්ඩර් එක විවෘත කරනවා. මේ ටෙන්ඩර් එක 5/15/2024 විවෘත කළාම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ලිපියක් යවනවා. ඒ ලිපියෙන් කියන්නේ මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරපු දෙන්නෙක්ව රිජෙක්ට් වෙනවා. මේ ටෙන්ඩරය ලැබෙනවා වීෆෝස් කියන ආයතනයට.

එතකොට ඒකට හම්බවුනාම මෙතනදි රිජෙක්ට් වෙනවා එක ආයතනයක්. ඒ ආයතනය රිජෙක්ට් වන්නේ බිග්බොන්ඩ් එකේදි ඒ ගොල්ල ප්‍රධාන වෙනස් කිරීමක් කරලා බිග්බොන්ඩ් එක ඉදිරිපත් කරනවා. ඒ උඩ තමයි ඒ රිජෙක්ෂන් එක එන්නේ.

කාගෙද ඒ ආයතනය. ඒ ආයතනය තමයි ධම්මික පෙරේරා ගේ ආයතනය. ධම්මික පෙරේරාගේ හේලීස් එකට අයිති ෆෙන්ටන් සමාගම. ඒක ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ මේජර් ඩීවියේෂන් එකක් කියලා හඳුනා ගන්නවා.

ඊලඟට 7 වැනි මාසේ 03 වැනිදා ඊලඟට ධම්මික පෙරේරාගේ ආයතනය ඉල්ලීමක් කරනවා. එම ඉල්ලීම කරන්න කලින් විශේෂයෙන්ම රිපෝට් ඔෆ් ද ප්‍රොකියුමන්ට ඇපිල් බෝඩ් ( පී.ඒ.බී) එතේ ඒ ඇපිල් එක රිවරස් කරලා ඒකට අවශ්‍ය කැබිනට් ඇපෲවල් නෙ‍ගෝෂියේෂන් බෝඩ් එකට වාර්තාවක් දෙනවා. ඒ වාර්තාවේ දි ඒගොල්ල කියනවා ධම්මික පෙරේරාගේ මේ ආයතනයට, ඒ ගොල්ලන්ගේ රිජෙක්ෂන් එකේ දී ෆයිනෑෂල් බිඩ් එක ඕපන් කරන්න කියලා. මේ නිර්දේශය දෙන්නේ පී.ඒ.බී. එකෙන්.

මේ නිර්දේශය දුන්නට පස්සේ ඊලඟට මේක වෙන්නේ 2024 දි. අලුත් ආණ්ඩුව එන්න කලින්. මේ ආණ්ඩුව එන්න කලින් ධම්මික පෙරේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බ මේ පීඒබී කමිටුවට බලපෑම් කරනවා. මේක එයාට දෙන්න කියලා.

ඊළගට 2024 අවුරුද්දේ 6 වැනි මාසේ 08 වැනිදා මේ ඇපිල් බෝඩ් එකට බලපෑම් එනවා දිගින් දිගටම එවකට හිටිය ජනාධිපති තුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙක් හරහා මේක වින් ෆෝස් එකෙන් අයින් කරලා ධම්මික පෙරේරාට දෙන්න කියලා.

ඊලඟට ෆයිනෑන්ෂල් බිඩ් එක ඕපන් කරනවා. ෆයිනෑන්ෂල් බිඩ් එක ඕපන් කළාම ඒ තිබෙන ටෙන්ඩර් බෝඩ් එක 2024 සැප්තැම්බර් මාසේ 2 දා ඒගොල්ල ලියුමක් යවනවා කැබිනට් ඇපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එකට. යවලා ඒ ගොල්ල කියනවා මේ ගොල්ල අවශ්‍ය පිරිවිතරයන් මේ සමාගම සපුරලා නෑ කියලා. එහෙමයි රිජෙක්ට් කරන්නේ.

මේක රිජෙක්ට් කරන්නේ පී.සී කමිටි එකෙන්. ඒක යවන්නේ සැප්තැම්බර් මාසේ 01 වැනිදා 2024. මේක යන ගමන් ඊලඟට මේක ඕපන් කරන්න ගත්තම වින්ෆොස් සමාගම යනවා අභියාචනාධිකරණයට. ගිහින් ඒගොල්ල එන්ජොයින් ඕඩර් එකක් ගන්නවා මේකට විරුද්ධව.

ඊලඟට11 වැනි මාසේ 01 වැනිදා, ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති උනාට පස්සේ මේ එන්ජොයින් ඕඩර් එක ඉල්ලා අස් කරගන්නවා. ඇයි ඒක ඉල්ලා අස් කරගන්නේ. බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වින්ෆෝස් සමාගමට කතා කරලා කියනවා ඔයා නඩුව ඉල්ලා අස් කරගන්න. අපි ඔය දෙගොල්ලන්ටම මෙගා වොට් 25 බැගින් බෙදලා දෙන්නම් කියලා. ඒ උඩ නඩුව ඉල්ලා අස් කරගන්නවා. නඩුව ඉල්ලා අස් කරගත්තට පස්සේ අනුර කුමාර දිසානායක මහත්තයගේ කාලේ කැබිනට් ඇපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එක වාර්තාවක් දෙනවා. ඒ වාර්තාව දෙන්නේ 2024 නොවැබ්බර් මාසේ 01 වැනිදා.

මේ කොමිටි එක වැඩ කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳගෙන. මේ කොමිටි එකට බලපෑම් එනවා මේක ධම්මික පෙරේරට දෙන්න කියලා. එතකොට අමු අමුවේ ටෙන්ඩර් නීති උල්ලංඝණය කරනවා. පළවෙනිම බිඩ්බොන් එකේම එයාගෙ ටෙන්ඩර් එක රිජේට් වෙනවා. ඒ රිජෙක්ට් වෙලත් බලපෑම එනවා මෙයාට මේක දෙන්න කියලා.

එතකොට කැබිනට් එක එපොයින් කරපු මේ නෙගෝෂියේෂන් ප්‍රොකියුමන්ට් කොමිටි එක… ඒ ගොල්ල වාර්තාවක් දෙනවා කැබිනට් එකට මේක ධම්මික පෙරේරාගේ කොම්පැනියට දෙන්න කියලා.

ඊලගට 2024 අවුරුද්දේ 12 වැනි මාසේ 24 වැනිදා අන්න එනවා කැබිනට් පේපර් එක. මේ කැබිනට් පේපර් එකේ මේ ලේකම් තුමා කියනවා මේ පෙන්ටන් සමාගමට ධම්මික පෙරේරාට දෙන්න බැරි හේතු ඔක්කොම සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා තියෙද්දිත් කැබිනට් එක දෙනවා අනුමැතිය. මේක හරියට අර රනිල් වික්‍රමසිංහගේ කැබිනට් එක වගේ. මහාචාර්යවරු ඉන්නවා. ආචාර්යවරු ඉන්නවා.

අර කෙහෙලිය රඹුක්වැල්ලත් කළේ ඕකම තමයි. මේ කැබිනට් එක මේ ලේකම්වරයා ඇඟ බේරගෙන කරලා තියනවා. කෙහෙලියගේ ලේකම්ට වෙච්චි දේ එයා දන්නවනේ. ඒ හින්දා එයා ඔක්කොම වැරදි ටික ලියලා අන්තිමට දානව කැබිනට් එකට.

කැබිනට් එක ජනවාරි මාසේ ජනවාරි මාසේ 06 වැනිදා ඇපෲවල් එක දීලා තියනවා. කාටද දීලා තියෙන්නේ … දිලා තියනවා ධම්මික පෙරේරට.

දැන් මේ කැබිනට් එක ඇපෲවල් එක දෙන්නේ ජනවාරි මාසේ 06. අද වෙනකොට කැබිනට් කීයක් තිබ්බද තමුන්නාසේලා. තවම මේ තීන්දුව එළියට දැම්මේ නෑ. කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ දී මේ වගේ ඉතාම වැදගත් රටට වැඩදායක මෙගා වොට් 50ක සුළං විදුලි බලාගාරයක අති විශාල ආයෝජනයක් ඇයි මේ කැබිනට් ප්‍රකාශකතුමා මේ කැබිනට් තීන්දු දැනුම්දීම්වලදි මේක හැංගුවේ.

ඇයි හැංගුවේ. ජෙනුවින්නම් එළියට දාන්න තිබුණෙ. ගරු සභාති තුමියනි. කියන්න ලැජ්ජයි. ඔබතුමියගේ ඔය පුටුවෙ ඉඳන් තමයි ජනාධිපති තුමා කිව්වේ මේ රටේ නීතියේ ආධිපත්‍ය හදනවා කියලා. එතකොට ධම්මික පෙරේරට නීතයේ ආධිපත්‍ය නැද්ද?… කවුද ධම්මික පෙරේරා කියන්නෙ. මේ පොහොට්ටුවෙ ආණ්ඩුවෙන් බැසිල් රාජපක්ෂලත් එක්ක ඩීල් දාලා බැසිල් රාජපක්ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරලා පහුගිය 2020-24 කාලේ ඔතන පුටුවක වාඩිවෙලා හිටියා.

රාජපක්ෂලගේ සල්ලි තියනවා කියලත් කියනවා ධම්මික පෙරේරා ලග. පහුගිය කාලේ චෝදනා තියනවා. ඔයගොල්ලනුත් කිව්වා. දැන් ඒ ධම්මික පෙරේරට ටෙන්ඩර් පටිපාටියේ තිබුණ රෙගුලාසි කඩලා දැන් මෙයාට ඒ ටෙන්ඩර් එක දීලා තියනවා. ”

මුජිබර් රහුමාන් හෙලි කළේය. සියලුම ලිපි ගොනු සභාගත කළේය. අප දකින්නේ රජයේ ඇමති වරු කර කියා ගැනීමට දෙයක් නොමැතිව දෙකොණ පූට්ටු වී දඟලන අයුරුය. වසන්ත සමරසිංහ බෙරිහන් දුන්නේ අගක් මුලක් නොදැන අවසිහියෙන් මෙනි. කිසිම සාධනීය මැදිහත්වීමක් නැත. විදුලි බල ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි කියාගන්නට දෙයක් නැති ආකාරයෙන් තතනමිනි.

අපට කියන්ට ඇත්තේ මුජබර් හෙළි කළ මේ කුපාඩි ගනුදෙනුව කුමක්දැයි රජය හෙළි කළ යුතු බවය. මේ කැබිනට් එකේ ඉන්නේ බබ්බු නොවන බවට වූ විශ්වාසය අප තුළ තිබේ. මෙය සෙල්ලමක් නොවන බව අවධාරණය කරන්නේ දැන් අපට ඇඳගැනීම් හොඳටම ප්‍රමාණවත් බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැන්නූ බහාලුම් 323 ගැන කිව්වේ ආණ්ඩුවෙ වෘත්තීය සමිතිය… ඔවුන් බොරු කියලා නම් මෙතන බයිලා නොගහා ඔවුන්ට දඬුවම් කරන්න… මුජිබර් ආණ්ඩුවට කියයි!

Next Post

ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මන්නාරමට ගෙනා කුරුල්ලන් සහ දඬුලේනුන් සමග 04ක් දැලේ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.