බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැන්නූ බහාලුම් 323 ගැන කිව්වේ ආණ්ඩුවෙ වෘත්තීය සමිතිය… ඔවුන් බොරු කියලා නම් මෙතන බයිලා නොගහා ඔවුන්ට දඬුවම් කරන්න… මුජිබර් ආණ්ඩුවට කියයි!

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට ලියුමක් යවමින් අතිශය අවදානම් සහිත ආනයනියක බහාලුම් 323ක් හොර පාරෙන් පිටකළ බවට චෝදනා කරනු ලැබුවේ අනුර කුමාර ජනාධිපතිවරයා බලයට ගෙන‍ා රේගු වෘත්තීය සමිතිය මිස විපක්ෂය නොවන බවත්, එම ප්‍රකාශ බොරුවක් නම් කොන්දක් සහිත ආණ්ඩුවක් ලෙස එම ප්‍රකාශය කර රට නොමග යැවූ වෘත්තීය සමිතිවලට දඬුවම් කරන ලෙසත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ආණ්ඩුවට පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා විපක්ෂයට බහාලුම් ප්‍රශ්නය ගැන චෝදනා කරමින් මේ වනවිට වෘත්තීය සමිති සමග අවබෝධයකින් කටයුතු කරන බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

එම වෘත්තීය සමිතිය ජනාධිපතිවරයා ඇති ආකාරයට පෙර රේගු වැරදි කළ ආනයන කරුවන් විසින් මෙම බහාලුම් ආනයනය කර තිබෙන ආකාරය ද මන්ත්‍රීවරයා හෙළිදරවු කළේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“රේගු වෘත්තිය මිතිය දැන් එකඟවෙලා වැඩකරගෙන යනවා කියලා සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කිව්වා. විපක්ෂයට බැන්නා. බැනලා සංජීවගේ නමත් කිව්වා.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

රේගු වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති තුමාට ලියුමක් යවනවා 2025.01.20 දා. එ් ලියුමේ ඒ ගොල්ල කියනවා දිගු ආනයනික බහාලුම් පෝලිමට මුවා වී රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් අවදානම් කළමනාකරණ නිර්නායකවලට පටහැනිව බහාලුම් මුදා හැරීම සම්බන්ධයෙන්… කවුද මේ කියන්නේ රේගු සමිතිය. නැතිව මේ මම ගිහින් වරාය ලඟ ඉඳන් කන්ටේනර් බැලුවේ නෑ.”

“දැන් ඔය සංජීව තමයි මේ කියන්නේ. දැන් මේ කතාව බොරු නම් සංජීවට කියන්න එයා කිව්වේ බොරුවක් කියලා කියන්න කියලා. එයා තමයි කියන්නේ කෙන්ටේනර් 323ක් හොරට යවලා තියනවා කියලා. මේ ජනාධිපතිතුමාට යවපු ලියුම. ”

“මොනවද මේ කියන්නේ. එයා කියනවා මේ බහාලුම් 323 අවදානම් කළමනාකරණ අංශය විසින් රෙඩ් චැනල් යටතේ අවදානම් ලෙස හඳුනා ගනු ලැබූ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බවට නිගමනය කළ බහාලුම් වීම…. එයා මේ ලියුමේ කියලා තියනවා. අන්තිමට අත්සන් කරලා තියනවා සභාපති, රේගු නිලධාරීන්ගේ සංගමය… ජී.ජේ.ඒ සංජීව.”

“වැරදි නම් සංජීවට කියන්නක මේ ලියුම ඉල්ලා අස්කරගන්න කියලා. එහෙනම් තමුන්නාසේලාගේ ආණ්ඩුව සංජීවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න. ඇයි මේ රටේ කෝලායහලක් ඇති කළේ කියලා. ඒක කියන්න. ඒක කියන්නේ නැතිව මෙතන ඇවිත් බයිලා කියලා හරියන්නෙ නෑ. ඒක කරන්න කොන්ද පණ නෑ. වෘත්තීය සමිතියට බයයි. අපට මෙතන චෝදනා කරනවා. අපි නෙමෙයි තමුන්නාසේලාගේ අනුර කුමාර දිසානායක ජනාධිපති කරන්න වැඩ කරපු රේගු සමිතිය තමයි මේ ලියුම ජනාධිපති තුමාට ගහලා කියන්නේ. ”

“ඒ විතරක් නෙමෙයි… එයා තව එකක් කියනවා මේ ලියුමේ. මේ බහාලුම් 323 ඇතැම් ආනයනකරුවන්ට සහ භාණ්ඩ නිශ්කාෂණය කරන ආයතනවලට රේගු වැරිදි සම්බන්ධව මීට පෙර අවස්ථාවලදී දණ්ඩන පමුණුවා තිබීම….”

“ඒ කියන්නේ මේ 323 ඉන්නවා පෙර වැරදි කරපු අය. ඒ හින්දා ගරු ඇමති තුමනි. අපට දොස් කියලා වැඩක් නෑ. තමුන්නාසේලාගේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න. ඒ නිලධාරීන් බොරු කිව්වා නම් ඇක්ෂන් එකක්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැනලා වැඩක් නෑ. අපි ගිහින් රේගුව ලඟ ඉඳන් කන්ටේනර් ගැන්නේ නෑ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ…. දිනකට පාස්පෝට් 4000ක් නිකුත් කිරීමේ ඉලක්කයක්!

Next Post

ධමිමික පෙරේරා සමග එන්පීපී ආණ්ඩුවට ඩීල් එකක ද?… මුජිබර් රහුමාන් ශුද්ධවන්යින්ගේ ආණ්ඩුවේ පතිවත හෙළි කරයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.