බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

by editor
ජූනි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කලක්  මේ රටේ ප්‍රමුඛම මූල්‍ය ආයතන දෙකක්ව පැවති ආයතන දෙකක් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට  ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් 2021 ඔක්තෝබර් මසදී, එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහේ මූල්‍ය බලපත්‍ර අවලංගු කර මෙසේ  ඈවර කිරීමට තීරණය  කර ඇති බවය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

මෙම ආයතන පහ සම්බන්ධයෙන්  පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පිහිටුවන ලදී.

ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට, මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබිණ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතර (4)ක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යොමු කරන ලද යෝජනා කීපයක් පරික්ෂාකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව 2022.05.31 දින, මුදල් මණ්ඩලය වෙත යොමු කරන ලදී.

උපදේශන කමිටුව විසින් ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) සම්බන්ධයෙන් යොමු කළ වාර්තාව සලකා බැලූ මුදල් මණ්ඩලය විසින්, එම උපදේශන කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මඟින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටළු ඇති කරවන බවත් එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සටහන් කර ඇත.

තවද, පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිඳු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට උපදේශන කමිටුව විසින් අපේක්ෂා කරනු ලැබේ.

මෙම තත්ත්වයන් යටතේ ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) අතරින්, දැනටමත් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මූල්‍ය සමාගම්හි ඈවර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එසේ ඉල්ලුම් කර නොමැති මූල්‍ය සමාගම් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කිරීම, පවතින එකම විකල්පය ලෙස හඳුනාගෙන ඇත.

මේ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇත.

Share69Tweet43
Previous Post

තොග ප්‍රකාශ නොකර බලධාරී ජාවාරමුන් කණ්ඩායමක් කළුකඩ හරහා ඉන්ධන සූදුවක…. වෘත්තී්‍ය සමිති චෝදනා කරයි!

Next Post

හිරුණිකා ජනපති මන්දිරය අසලට යෑම වැලැක්වීමට පොලිසිය මුදලිගේ මාවත වසයි…!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.