දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව රජය මෙතෙක් කිසිදු නිල තීන්දුවක් ගෙන නොමැති බවත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා සාකච්ඡා පමණක් සිදුවෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (28) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා කළ කතාවට ප්‍රතිචාර දක්වමන් අදහස් දැක්වූ මූදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට මහ බැංකුව වෙත පවතින ණය ප්‍රතිකාරකයක් ගැන යම් පියවර ගෙන ඇති අතර ස්වේච්ඡා ණය ප්‍රතිකාරකයක් ගැන අදහස් පමණක් මේ දිනවල සාකච්ඡාවකට බඳුන්වෙමන් පවතින බව පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය කතාව පවත්වමින් රජයට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් සකසන ලද වාර්තාවට අනුව මැි මාසය්දී එය සිදු කිරීමට කාල රාමු සකස් කර ඇති බවටත දැක්වෙන ලියවිල්ලක් සභාගත කිරීමට කටයුතු කළ අතර ඊට වහා ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම සභාගත කළ ලියවිල්ල මුදල් අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සිදුවන විවිධ කටයුතු වල කාර්ය පත්‍රිකාවක් පමණක් බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයෙන් වැඩ කටයුතු සියල්ල සිදු කිරීම ඉතාම අසීරු කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශය මූලිකව විවිධ කණ්ඩායම් විවිධ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර ආචාර්ය හර්ෂ ද සිල්වා සභාගත කළේ එවැනි කටයුත්තක කාර්ය පත්‍රිකාවක් පමණක් බව සඳහන් කළේය.