කීර්ති ප්‍රනාන්දු –
අද (29 )දින අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වය වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සවස 2න් පසුව බස්නාහිර, සබරගමුව ,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි .
එසේම නැගෙනහිර පළාතේ සහ මුලතිව් හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ .
මෙම ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් ව අවශ්‍ය පියවර ගන්නා ලෙස එම නිවේදනය මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි .