බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු පොලිස්පති කිරීමේ රනිල්ගේ තීන්දුව සම්බන්ධව අධිකරණය වත්මන් ජනපති අනුරගේ ස්ථාවරය විමසයි!

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය. එසේම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධනගේ ඉල්ලීමක් අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ඇතුළු පාර්ශ්ව 8ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදියේ කැඳවිණි. ⁣මුලින් මෙම පෙත්සම් වනිසුරු නිලමැදිරියේදී කැඳවනු ලැබූ අතර පසුව එය විවෘත අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මෝසමක් මගින් ඉල්ලා තිබුණු අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ද මෝසමක් මගින් ඉල්ලා තිබිණි. ඒ අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා වන ඉල්ලීම අගවිනිසුරු වෙත යොමු කරන ලෙස ලේඛකාධිකාරීයට ⁣නියෝග කළ අධිකරණය එමගින් මෙම පෙත්සම් විභාග කර අවසන් කිරීම මෙම විනිසුරුමඩුල්ලටම නොහැකි බවට හෝ මෙම විනිසුරු මඩුල්ල ඉවත්වූ බවක් අදහස් නොවන බව ද සඳහන් කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු කණඩායමක් පෙනී සිටි අතර වගඋත්තරකාර දේශබන්දු තෙන්නකේන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාද, වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙ⁣රේරාද ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරාටේ නීතිය අත් හිටුවීම දෙසැම්බර් 15 කල් ඉකුත්වුන පසු සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින් රැක ගන්නා අයුරු රජය සාකච්ඡා කරයි!

Next Post

ලන්සාගේ පෝස්ටර් ඉවත් කළ තමන්ගේ පොලිසියේ නිලධාරීන්ට නින්දිත ලෙස බැණ වැදුන කොච්චිකඩේ ඕඅයිසී අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.