බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තව දුරටත් එම රාජකාරි වගකීමෙහි රඳවා ගැනීමේ අවශ්‍යතාවය දන්වමින් පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත අද ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් වගකීමක් වෙත මාරු කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් විසින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබුවේ මීට දෙදිනකට පෙරය.
එම නියෝගය ප්‍රකාරව ඔහුව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කිරීමේ මූලික සැලසුමක් සකස් වෙමින් තිබුණු බව ද වාර්තා වේ.
එහෙත් පොලිස්පතිවරයා විසින් හදිසියේ මෙම ස්ථාවරය වෙනස් කරගන්නේ ඊයේ මහජන ආරක්ෂාව පිළිබඳ නව අමාත්‍ය ටිරාන් අලස් සිය පුද්ගලික කාර්යාලයට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන්වා කරන ලද සාකච්ඡාවකින් පසුව බව අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග කියයි.
ගෝල්ෆේස් අරගල කරුවන්ට පහරදීම මුල්කොට ගෙන රට ගිනි ගත් මැයි 09 අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබිණි.
ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඊයේ ඉල්ලා අස් විය.
මේ ලිපියත් කියවන්න…
පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… .