දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා පිළිබඳව විමර්ශෂණය කිරීම සඳහා විශේෂ බලතල සහිතව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව කොමිසමේ සාමාජිකයකු වන අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එම කොමිසමෙන් ඉල්ලා අස්වී ඇත.
“ඩේලි ෆයිනෑන්ෂල්“ ටයිම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට ගුරුසිංහ මහතා තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර ඔහු වෙනුවට අභියාචනාධිකරණ විනිසුරු සෝබිත රාජකරුණා මහතා පත් කොට ඇත.
මෙම කොමිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද්දේ ඊට පෙර දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශෂණය කිරීමට පත් කරන ලද විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොමිසම විසින් දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමටය.
විශේෂ බලතල සහිතව පත් කෙරුණු නව කොමිසම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වූයේ මෙය අධිකරණ බලතල, ප්‍රජා අයිතීන් නැති කිරීම ඇතුළු විශේෂ අධිකරණ බලතල එම කොමිසමට ලබා දීම හේතුවෙනි.
ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසන් සභා පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල භාවිත කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු කුමුදුනි විකුමසිංහ මෙම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.







