කීර්ති ප්‍රනාන්දු –
වර්ෂ 2021ට අදාලව දේශපාලන පක්ෂවල විගණනය කරන ලද නිල ගිනුම් ප්‍රකාශ මෙතෙක් ලබා දීමට අපොහොසත් වූ සියලුම දේශපාලන පක්ෂ අද දිනයේ සිට දින 14ක් තුළ එම වාර්තා ලබා දීමට අපොහොසත් වුවහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට එම පක්ෂවලට ඇති හිමිකම අහෝසි කරන බව මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.
2021 වසරට දාල විගණිත ගිනුම් ප්‍රකාශ මේ දක්වා ඒවා භාර දෙන ලෙස අවස්ථා ගණනාවක දී දැනුම් දුන් නමුත් ඇතැම් දේශපාලන පක්ෂ එම වාර්තා භාර දී නැති බැවින් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 9(3) වගන්තිය ප්‍රකාරව එම තීන්දුව ගන්නා බව කොමිසම පවසයි.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(4) වගන්තිය අනුව දේශපාලන පක්ෂ විසින් විගණනය කරන ලද පක්ෂයේ ගිනුම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතුය.