විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් හෝ සහයෝගයෙන් ඕස්ට්‍රේලියාවට ගිය සමහරු නැවත ලංකාවට නොපැමිණ අතුරුදහන් වි ඇතැයි තොරතුරු වාර්තා වේ.
මේ අතර කොළඹ නගර සභා ක්‍රීඩාංගණ භාර නිලධාරියකුද සිට්න බවත් ඔහු එහි ගොස් ඇත්තේද ගල් වීමේ අරමුණෙන් බවත් වාර්තා වේ.
මේ අතර එම තරගාවලිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද නැවත මෙහි පැමිණ නොමැත.
රජයේ මාධ්‍යයක සේවය කරන මාධ්‍යවේදියකු පසුගිය සතිය තෙක් ඕස්ට්‍රේලියාවේ ගත කර පැමිණ යළි එහි ගොස් ඇත.
මේ අතර තරග වාර්තා කිරීමට කියා එහි ගිය ඇතැම් මාධ්‍යවේදීන් තරග වලට නොගොස් එහි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන තම මාධ්‍යයේ සම්මුඛ සාකච්චා සිදු කර තිබේ.
මේ අතර රජයේ විගණකාධිපති විසින් මෙම ඕස්ට්‍ර්‍රේලියානු සංචාරයේ මුදල් අවභාවිතාවන් පිළිබඳ වෝහාරික විගණනයක් මේ දිනවල සිදු කරනු ලබයි