මනම්පිටිය නිමල් ජයරත්න –
නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන් විසින් පහර දී මරා දැමූ අමරකීර්ති අතුකොරල අද (12) පොලොන්නරු දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ කිසිම දේශපාලනඥයෙකුගේ සහභාගීත්වයකින් තොරව, දැඩි හමුදා හා පොලිස් ආරක්ෂාව යටතේ අවසන් ගමන් ගියේය.
ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පමණක් මෙම අවමංගල කටයුතු සඳහා එක්ව සිටියේය.
ජනාධිපතිවරයාවරයා හෝ අගමැතිවරයා හෝ අමරකීර්ති අතුකෝරල නියෝජනය කළ පොදුජන පෙරමුණ හෝ ශෝක පණිවිඩයක්වත් ඒවා නොතිබීමද විශේෂත්වයක් විය.
මෙම තත්ත්වය තුළ අවසන් කටයුතු සඳහා සහභාගී වූ ජනතාව දේශපාලනය හා දේශපාලනඥයින් පිළිබඳ කතා කළේ දැඩි කලකිරීමකිනි.
පොලොන්නරුව දිස්ත්‍රික් ත්‍රෛනිකායික මහා සංඝ සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව මතක වස්ත්‍රය සහ පාංශුකූල කටයුතු සිදුකල අතර භික්ෂුන්වහන්සේ නමක් එක් අනුශාසනාවක් සිදු කළහ,
අද (12) සවස 4.00 ට පොලොන්නරුව 28 කණුව පොදු සුසාන භූමියේදී සිදු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ අවසන් කටයුතු සිදුකෙරිනි.
මන්ත්‍රීවරයා මිය යනවිට පනස් අට වැනි වියේ පසු විය.