දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (මැයි 13) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
යළි ඇඳිරි නීතිය හෙට 2.00ට පනවනු ලැබේ. එම ඇඳිරි නිතිය සෙනසුරාදා (මැයි 14) පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ කිසියම් බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත බලපත්‍රයක් යටතේ හැර පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා පිටියක හෝ වෙනත් පොදු ස්ථානයක හෝ වෙරළ තීරයක රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.