අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයන් වාරණය කළ මල්වතු මහා නා හිමියෝ ගෝල්ෆේස් අරගලකරුවන්ට දොර අරිති…

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රශ්නය විසඳනතුරු කිසිම දේශපාලකයෙක් බැහැ දැකීම, අනුශාසනා කිරීම, පඬුරු පිලිගැනීම වාරණය කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ  මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ  අද ගෝල්ෆේස් බිමේ තරුණ අරගලකරුවන් පිරිසකට මහා විහාරයේ දොරටු විවර කළහ.

උන්වහන්සේ තරුණ අරගලකරුවන් හමු වී එම තරුණයන්ගේ අපේක්ෂා සහ ඉල්ලීම්වලට සවන් දී ඔවුන් පිළිගැන්වූ    සංදේශය පිළිගෙන වදාළහ.

එම නියෝජිත කණ්ඩායම ගෝල්ෆේස් අරගලභූමිය බෞද්ධ විරෝධී තැනක් ලෙස මාධ්‍ය ඔස්සේ ගෙනයන ඇතැම් ප්‍රචාර ගැන පැහැදිලි කරන අවස්ථාවේ දී  මහානායක හිමියන්  උපදෙස් දුන්නේ මෙවැනි ජාතික ආගමික සහජීවනයකින් එකතුවන භූමියක සාමුහිකත්වය නැති කිරීම සඳහා සිදුකරන එවැනි ප්‍රකාශ සම්බන්ධව  තැකීමක් නොකළ යුතු බවය.

ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරන නියෝජිතයින් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ සිටි අතර ඉන්  මල්වතු මහානායක හිමිපාණන් බැහැදැකීමට පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට අවසර ලැබිණි.

නියෝජිත පිරිස වෙනුවෙන්  දිමුතු බඹරදෙණිය,  තම කණ්ඩායම පැමිණි කාරණාව මහා නායක හිමියන්ට පැහැදිළි කළේය.

“ඔබවහන්සේ බැහැ දකින්නට    අපි පුද්ගලික අරමුණකට නොවෙයි. මේ රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් අරගල කරන  ලංකාවෙ තරුණ පිරිස නියෝජනය කරලා ඔබ වහන්සේට සන්දේශයක් පිළිගන්වන්න.“

එහිදී එම නියෝජිත කණ්ඩායමේ මංජුල සමරසේකර වැඩිදුරටත් මෙසේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මහානායක හාමදුරුවනේ. ඔබවහන්සේට නමස්කාරපූර්වකව ස්තුතිවන්ත වෙනවා…  ලංකා ඉතිහාසයේ තීරණාත්මක තීන්දුවක් ඔබවහන්සෙ ගත්තේ. දේශපාලකයන්ට මේ ස්ථානයට පැමිණෙන්න එපා කියපු එක අප සලකන්නෙ ජනතාව විදිහට අප ලබපු ජයග්‍රහණයක් විදිහට. පාද නමස්කාරපූර්වකව නැවතත්  ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා …  එය පොදු ජනතාව වෙනුවෙන් කරන මෙම අරගලයට කළ ආශීර්වාදයක්.“

එහිදී මහා නායක හිමිපාණෝ මෙසේ කීහ.

“ප්‍රශ්නය විසඳෙන තුරු එන්න එපා කියලායි කිව්වෙ . ප්‍රශ්නය අපි විසඳා ගත යුතුයි “

නැවතත් අරගල කරුවන් වෙනුවෙන් එම නියෝජිත පිරිස මෙසේ අදහස් දැක්වීය.

“ ‍මෙච්චරකල්  ජනතාව අතර හිටපු තරුණයන්ගෙ හඬ දේශපාලකයින් ප්‍රයෝජන ගත්තා  මිසක් අපට අවස්ථාවක් දුන්නෙ නෑ.  රාජපක්ෂ පවුලම ලංකාවේ බුදු දහම දේශපාලනීකරණය කරපු එකමයි වුනේ. එය වළක්වන්න කියලා ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. “

අනතුරුව ඔවුහු සංදේශ පිරිනැමූහ. මෙම සංදේශය පිරිනමා ඉල්ලීමට බලාපොරොත්තු වූයේ,

“අපි ඔබවහන්සේගෙන්  ඉල්ලා සිටින්නේ  මේ පාලකයින්ට පණිවිඩයක් දෙන්න පුලුවන් එක මාර්ගයක් ලෙස මහා විහාරයෙන් දීලා තියන ගරු නම්බුනාම නැවත ඔබ වහන්සේලා ඉල්ලා ගන්න…  මහා නායක හාමුදුරුවනේ. එය  ගෞරවණීය ආයාචනයක් අපි කරන.   ඔබවහන්සේගෙන් අපි ඉල්ලන්නෙ මේ  පිරිස තව දුරටත් පාලකයො විදිහට ජනතාව රවට්ටමින්  පුද්ගලික උවමනාවන් වනුවෙන් මේ රටේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වළක්වන ලෙස., මේ අයට සංඝ ආඥාවක් නිකුත් කරන්න කියලා අපි  ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.“

“හැමදාම අපේ රට අමාරුවට වැටුණු වෙලාවට සංඝරත්නය පෙරට ඇවිත් ඍජු තීරණ ගත්තා. උජුපටිපන්න ගුණය අපි හැම තිස්සේම දැක්කා. ඒ ගුණය මේ රට ජාතිය ආරක්ෂා කළා. අරගලයේ ඉන්න තරුණ පිරිසක් විදිහට අප ඉල්ලනවා ඔබවහන්සේලා එහි පෙරගමන්කරුවො ලෙස අපට සහාය දෙන්න කියලා.“

මේ අවස්ථාවේ දී තරුණ අරගලකරුවෝ අවධාරණාත්මක පැහැදිලි කිරිමක් කළහ.

“එකම එක පැහැදිලි කිරීමක් කරන්න ඕන අපේ හාමුදුරුවනේ. අපි දැක්කා සමහර වෙලාවල්වල දි මේක බෞද්ධ විරෝධී අරගලයක් ද කියන කතාව.  එය සම්පූර්ණ බොරුවක්.   හැම ආගමකම කට්ටියම බොහොම එකමුතු  හැඟීමෙන් එතන ඉන්නවා.   පාලකයන්ට ලේසියි අපව බෙදුවට පස්සේ. මේ බෙදීමට තවදුරටත් අප ඉඩ නොතියා ඉන්න අපට අශීර්වාද කරන්න…“

එහිදී මහා නායක හිමියෝ මෙසේ කීහ.

“භේද කරන්න එහෙම දේවල් කරනවා. එතන එකමුතු වෙච්චි තැනක්“

මහා නායක හිමියෝ එම තරුණ අරගලකරුවන්ට ආශීර්වාද කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමරිකාවේ නගර පනහක ලාංකිකයෝ ගෝඨාට ගෙදර යන්න කියති

Next Post

අර්බුදයෙන් මිරිකුණු පවුල්වලට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.