අගරදගුරු මීසමට අයත් දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට නාවික හමුදාව විසින් ලබා දන් දැනුම් දීම වැරදීමක් බවට නාවික හමුදාපතිවරයා විසින් සමාව ඉල්ලනු ලැබුවද මෙම ප්‍රහාර පිළිබඳව නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රචාරය පිළිබඳව තමන්ට දැඩි ගැටලුවක් පවතින බව කොළඹ කතොලික පල්ලිය ප්‍රකාශ කරයි.
කොළඹ අගදරගුරු මූලස්ථානයේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අසත්‍ය අනතුරු ඇඟවීම් පැමිණියේ කෙසේද සහ එය පිටුපස සිටියේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් දැඩි ව්‍යාකූලත්වයක් පවතින බවයි.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාට අනුව පසුගිය 28 වැනිදා නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් බෝපිටිය, වැලිගම්පිටිය සහ පමුණුගම දේවස්ථානවලට පැමිණ වෙස් වළා ගත් පියතුමන් ලා ලෙස සැරසී ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බවට තොරතුරු ලැබී ඇති බැවින් ආරක්ෂාකාරී වන ලෙසට දන්වා ඇත.
කෙසේ වුවද මෙම සිදුවීමෙන් පසුව නාවික හමුදාපතිවරයා අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අමතා මෙය වැරදීමකින් සිදුවූ දෙයක් බවත් ඒ පිළිබඳව සමාව අයදින ලෙසත් ප්‍රකාශ කර ඇති නමුත් මෙවැනි බරපතල අනතුරුඇඟවිමක් සිදු කලේ ඇයි , එරය කාවිසින් මෙහෙයවඋූවක්ද යනාදී ගැටලු ගණනාවක් තමන්ට පවතින බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.
මේ ආකාරයට රටේ ආරක්‍ෂාව සමඟ සෙල්ලම් කළ හැකිදැයි හෙතෙම ප්‍රශ්න කළේය.එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කෙළේ මෙම ව්‍යාජ අනතුරු ඇඟවීම පිටුපස සිටියේ කවුරුන්ද යන්න සහ ඒ සඳහා හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශයද මෙම අනතුරු ඇඟවීම ව්‍යාජ සහ තහවුරු නොකළ තොරතුරක් මත සිදු කළ එකක් බවට අද නිවේදනයක් නිකුත් කළේය