පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
තවද සුදුලූනු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇත.
සුදුලූනු වංචාව පිළිබද පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා විසින් පල කළ අදහස් වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොකැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා දැනුම් දී තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලංකාදීප කර්තෘවරයා හමුවීමට ලංකාදීප කාර්යාලට ගොස් තිබිණි.
මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළේ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසිනි.







