බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙහිවල නීතිඥවරියකගේ ගෙමිදුලේ වැටී සිටිය දී හමුවූ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයට හේතුව හිසට මොට ආයුදයකින් පහරදීම – අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයට කියයි!

by editor
ජූනි 12, 2025
in පුවත්
SRIYANI

02දා අළුයම 1.13ට පොලිිසය නීතිඥවරියගේ නිවසට පැමිණි අවස්ථාව... වැටී සිටි පුද්ගලයා දෙස බලා ඔවුන් ආපසු ගොස් තිබිණි....

Share on FacebookShare on Twitter

ඩිලන්කා ගෝමස් –

දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලේ වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මස 3 වන දින අභිරහස් ලෙස මියගිය මාධ්‍යවේදිනි ශ්‍රියානි විජේසිංහගේ සැමියාගේ මරණය හිසට මොට නම්‍යශීලී වස්තුවකින් පහර දීමෙන් සිදු වූවක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අද (12) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසීය.

අධිකරණ වෛද්‍යවරයා මෙලෙස පවසා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට මහේස්ත්‍රාත්වරිය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සාක්ෂි සඳහා අධිකරණයට කැඳවූ අවස්ථාවේදීය.

හිසෙහි දකුණු පස, ශරීරයේ පිටුපස සහ අත්පාවල මොට නම්‍යශීලී වස්තුවකින් පහරදීමෙන් ඇති වූ තුවාල 21 ක් තමන්ට නිරීක්ෂණ කල හැකි වූ බවත් ශරීරයේ කැපුම් සහා ඇනුම් තුවාල කිසිවක් නොමැති බවත් අධිකරණ වෛද්‍යවරයා අධිකරණය හමුවේ වැඩි දුරටත් පැවසීය.

මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර එදින රාත්‍රීයේදී නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11 ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා තිබුණි.

තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය හෝ නිවැසියන් කටයුතු නොකළේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරියගේ සාක්ෂි කැඳවූ අවස්ථාවේදී නීතිඥවරියගෙන් විමසීය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එදින පැමිණි පොලිස් නිළධාරීන් තුවාලකරු පරික්ෂා කර බලා ඔහු බීමත්ව සිටින බවත් ටිකකින් නැඟිට යනු ඇති බවත්, දොරවල් හොඳින් වසා ගේට්ටුව පමණක් විවෘතව තබා නිවැසියන් ට නිදාගන්නා ලෙසත් පොලිස් නිළධාරීන් තමන්ට උපදෙස් දුන් බව අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසීය.

මරණය සම්බන්ධයෙන් ඇති අනෙකුත් සාක්ෂි කැඳවීම ජූලි මස 3 වන දිනට සිදු කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙලෙස මිය ගොස් ඇත්තේ අගොස්තිනුගේ හේමජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය තැනැත්තාගේ බිරිඳ මාධ්‍යවේදිනියක වන අතර සිය සැමියා ජනවාරී මස පළමුවනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටියදී සොයා ගෙන තිබුණි.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන මියගොස් තිබූ අතර මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුනි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු , වරුණ ජයසිංහ යන නීතිඥවරුන් පෙනී සිටියහ.

ඒ අනුව මෙම නඩුව ජූලි මස 3 වන දින නැවත කැඳවීමට නියමිතයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

යානයේ ගමන් ගත් කිසිවෙක් දිවි ගලවාගෙන නෑ…. යානයේ ගමන් ගත් 242ම මරුට… පොලිසිය ජාත්‍යාන්තර මාධ්‍ය වෙත කියයි!

Next Post

ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන සංවිධානයක් හදාගෙන සජබ, පොහොට්ටුව, යූඑන්පිය සහ පොහොට්ටුව එක මේසයට එයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.