සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙසතියකට පෙර ජින්තුපිටියේ දී වෙඩි තැබීම කළ පූකුඩු කන්නාගේ ගෝලයින්ට පොලිසිය තුළම  වහ දෙන්න කුඩු සෙල්විගේ පාර්ශවය  කන්නාගේ ගෝලයෙක්ම සල්ලිවලට අරන්!

by editor
පෙබරවාරි 8, 2024
in පුවත්
ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානය...

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානය...

Share on FacebookShare on Twitter

පසුගිය 24 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබිම පිළිබඳ සැකපිට අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුට ආදුරුප්පු වීදිය පොලිස්ය තුළදී සයනයිඩ් මිශ්‍ර කිරි ලබා දී ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇතැයි පොලිස් විමර්ශන අංශ පවසයි.

ඔහු අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් අත් අඩංගුවට ගත් පුද්ගලයින් බැලීමට පැමිණ ඔවුන් ඝාතනය සඳහා වස දී ඇති බවත් දැන් අනාවරණය වී ඇත.

පොලිසිය තුළට පැමිණ පොලිස් සිරමැදිරියේ රඳවා තබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලයකට සම්බන්ධ මෙම සැකකරුවන් සයනයිඩ් යැයි සැක කරන වස ශරීරගත වීමෙන් අසාධ්‍යව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනන් සිටි.

සිද්ධිය සම්බන්ධව මේ වනවට ආදුරුප්පු වීදිය පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇත.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එස් ජි පි සුනිල් සහ  පොලිස් කොස්තාපල්වරුන්වන   79239 ටි ඩි ප්‍රියදර්ශන , 25486  ජේ විජේසිංහ යන නිලධාරීන්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ  සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියාට හා උපසේවක නිලධාරියාට ප්‍රමාණවත් නියෝග හා උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙනි

පොලිස් කොස්තාපල් (79239) ටි ඩි ප්‍රියදර්ශනගේ  නිලධාරියාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ පිටතින් ආහාර ගෙන එන ලද පුද්ගලයා පරීක්ෂාවකින් තොරව ඔහුගේ අනනතාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් තොරව කටයුතු කර ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.

පිටතින් ආහාර ගෙන ලද පුද්ගලයා පරීක්ෂාවකට ලක් නොකර, ඔහු සම්බන්ධයෙන් දෛනික තොරතුරු සටහන් පොතේ සටහන් නොයෙදීම සම්බන්ධ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් 25486 ජේ විජේසිංහගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

පොලිස් කූඩුව තුළ දී වස ලබා දී ඇත්තේ පූකුඩුකන්නාගේ පාතාල කල්ලියේ කුලී ඝාතකයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා බැලීමට පැමිණ ඔවුන්ට වස ලබා දුන් තැනැත්තා මේ පුද්ගලයින් දෙදෙනාගේ සමිපතමයෙක් මෙන්ම ඔහු ද පූකුඩුකන්නාගේ කල්ලියේ සාමාජිකයෙකි.

සැකකරුවන්  විසින් පසුගිය දා වෙඩි තබා තිබුණේ කුඩුසෙල්විගේ පාර්ශවයේ සමීපතමයෙකුටය. එම සැකකරුවන් දෙදෙනා ඝාතනය කිරිමට ඔවුන්ගේම කල්ලියේ  සාමාජිකයෙක් මුදල් දී නම්මා ගැනීමට සෙල්විගේ පාර්ශවය කටයුතු කර ඇති බව විමර්ශන අංශ සැක කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි තමයි  දකුණු ආසියාවෙන්ම එක…  දකුණු ආසියාවේ  කුටුම්භයක් ගෙවන ඉහළම විදුලි ගාස්තුව අපේ…

Next Post

කෝවිල හදන්න එකතු කළ කෝටි පහක් අරන් පූසාරියා අතුරුදහන්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.