දිනසේන රතුගමගේ –
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලයේ රථ ඇදීමේ උත්සවයට අධික බැතිමතුන් පිරිසක් සෞඛ්‍ය නීති රීති නොතකා සහභාගී වීමට ගත් උත්සාහයක් නිසා පොලීසිය නිලධාරීන් 300 ක් පමණ යොදවා බැතිමතුන් එම අවස්ථාවට සහභාගී වීම 5 දා වළක්වාලූහ.
මේ නිසා නල්ලූර් කෝවිලේ මංගල්ලය ජනතා සහභාගිත්වයෙන් තොරව කුරුක්කල්වරු විසින් පවත්වන ලද පූජාවකට පමණක් සීමා වුණි.
කෝවිලේ මංගල්ලයට සහභාගී වීම සඳහා විශාල පිරිසක් පැමිණි අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට අවවාද කළත් එම අවවාද නොතකා කෝවිලට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේදී පොලීසිය බස් රථ හා නිලධාරීන් යොදා කෝවිලට ඇතුලුවිය හැකි සියලුම ගේට්ටු වසා අවහිර කිරීම නිසා කිසිදු අයෙකුට කෝවිල තුලට ඇතුලුවිමට නොහැකි විය.