කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇතිකරමින් අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායද කළ ප්‍රවීණ ගායක සුනිල් පෙරේරාගේ අභාවය පිළිබඳ තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිනුමේ මෙසේ සටහනක් තබයි
ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ හෙතෙම, තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසි විටක පසුබට වූයේ නැත.
මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇත. ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් මගේ සංවේගය ප්‍රකාශ කරමි. සුනිල් පෙරේරා කලාකරුවා පැතූ ආත්ම විමුක්තිය හිමි වේවා!