ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අත්හැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.
අත්හැර දමන අවස්ථාව වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 2.4ක් තුළ දී ලකුණු 10ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 02ක්, පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 03ක් සය අතිරේක ලකුණු 05ක් ලෙස එම ලකුණු 10 සටහන් විය.
පැවැත්වී නම් එය බොහෝ ආශ්වාදජනක තරගයක් වීමට ඉඩ තිබිණි. මුලින්ම පිතිකරණයේ යෙදුනේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන් නායකයා පන්දුවට පහර දීම තේරුවේය. පළමුව පන්දුවට පහරදීමට පැමිණියේ රහ්මනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන්ය.
සද්රාන් ලකුණු 10ක් ලබා සිටියදී වේග පන්දු ක්‍රීඩක ළහිරු කුමාරට ගොදුරු විය. මුළු ලකුණු සංඛ්‍යාව 27ක්ව තිබිය දී පළමු කඩුල්ල දැවී ගියේය.
එහෙත් එතැන් සිට ගුර්බාස් සමග එක්වූ රහ්මට් ෂා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 108ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූහ. දෙදෙනාම අර්ධ ශතක ඉක්මවා ගියේය. ඇෆ්ගනුවන් යෝධ ලකුණු ප්‍රමාණයකට යන බව සිතිනි.
ඔවුන් දෙපළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහර දුන්හ. ගුර්බාස් සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඊට හතරේ පහර 04ක් සහ හයේ පහර 04ක් ද ඇතුළත් විය. ෂා සිය එක්දින දිවියේ 22වැනි අර්ධ ශතකය වාර්තා කළේය. එම සම්බන්ධතාවය බිඳ දමන්නේ ධනංජය ද සිල්වාය. ඒ 27 වැනි ඕවරයේ තුන්වන පන්දුවේ දී ය. ලකුණු 135කි.
ඉන් නොබෝ වේලාවකින් රහ්මට් ෂා මහීෂ් තීක්ෂණට ගොදුරු විය. ලකුණු 28 වැනි ඕවරයේ තුන්වන පන්දුවේ දී ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 141කි.
එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දැඩි පීඩනයක් සහිතව පන්දු යවන්නට වූහ. මොහොමඩ් නබි ලකුණු 41 ලැබුවේය. අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු අතරට එන්නට ඉඩක් ලැබුණේ නැත. පන්දු යැවීමේ දී විශිෂ්ටම පන්දු යැවීම කසුන් රාජිතගේ වාර්තා විය. කසුන් පන්දු ඕවර 09ක් තුළ දී නිලකුණු පන්දු ඕවර 02ද සමගින් ලකුණු 31කට කඩුළු 03ක් ලැබීය.
මහීෂ් තීක්ෂණ ලකුණු 49ට කඩුළු 02ක්, ලහිරු කුමාර ලකුණු 50කට කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 39ට කඩුළු 01ක්, ධනංජය ද සිල්වා ලකුණු 37ට කඩුල්ලක් ලැබුවේය. ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 228 ක් පමණයි.
මේ තරගය අත්හැර දැමීමත් සමග ඇෆ්ගනිස්ථානු කණ්ඩායම තරගාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් සිටී. දැන් ඇෆ්ගනුවන් තරගාවලි පරාජයකට මුහුණ දෙන්නෙ නැත. ඊලඟ තරගය දිනාගෙන අපට තරගාවලිය සම කරගත හැකිය.