දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාව බිල්ලට දෙමින් හා ඔවුන්ව රවටවමින් දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට මුලා නොවන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එක්ව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය දිනා ගැනීම සඳහා ඔවුන් මේ දිනවල පෙළපාලි යමින් සිටියත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් එකක් හෝ සාධාරණ ඉල්ලීම් නොවන බවය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ උරුමයන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ලබා ගැනීමට උත්සහ කිරීම කිසි දිනක සාර්ථක නොවන බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාව රවටවමින් ගෙන යන මේ බොරු ප්‍රචාරයන් නිසා දෙමළ ජනතාව තව තවත් රැවටී අසරණ වන බවද සදහන් කළේය.
දෙමළ ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ දේශපාලනඥයින්ගේ දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලබමින් රැකියා කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරණ බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා යැයි කියමින් ඔවුන්ව මහපාරය ඇද දමා තිබීම තමන් තරයේම හෙළාදකින බවද පැවසීය.
දෙමළ දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කොමිසමට කේලම් කීමට වඩා කෙළින්ම ශ්‍රී ලංකා රජය සමග මුහුණට මුහුණ සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා ගැනීම සියලු දෙමළ ජනතාවට යහපතක් බවද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.