සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධීවරයින් 05 දෙනා මුහුද මැද  තනි කර පලාගිය ස්කිපර්ට අධිකරණයෙන් දැඩි අවවාද

කැඩුණු යාත්‍රාව තුළ ධීවරයින් තවමත් ගැඹුරු මුහුදේ… නාවික හමුදාව ගලවා ගැනීමේ කටයුතු සඳහා සැරසෙයි

by editor
පෙබරවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආපදාවකට ලක්වු බහුදින යාත්‍රාවක සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකු බෝට්ටුව සමග මහමුහුදේ දමා වෙනත් බෝට්ටුවක නැගි ගොඩබිමට පැමිණි ස්කිපර්වරයකු  හා මෙකි ස්කිපර්වරයා රැගෙන එනු ලැබු  බෝට්ටුවේ ස්කිපර්වරයා  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මොවුන් දෙදෙනාට තරයේ අවවාද කොට එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිරඇප මත මුදාහැරිමට ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

එමෙන්ම  මහ මුහුදේ දමා පැමිණි ධිවරකාර්මකයින් 05 දෙනාගෙන් ද ප්‍රකාශ ලබාගෙන  ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළේය. මෙසේ ඇප මත මුදාහරිණු ලැබුවේ බුස්ස හා අලුත්වල ප්‍රදේශයේ පදිංචි   බහුදින යාත්‍රාවල ස්කිපර්වරුන් දෙදෙනෙකි.‍

ආපදාවට ලක්වු බහුදින යාත්‍රාව  ජනවාරි මස 09වැනිදින ගාල්ල ධිවර වරායෙන් පිටත්ව ගොස් ඇත. පසුගිය 03වැනිදින රාත්‍රි ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 25ක් පමණ දුරදී බොට්ටුව  ආපදාවට ලක්ව ඇත. මෙහිදි බොට්ටුවේ ස්කිපර්වරයා  මුහුදට පීනා ගොස් වෙනත් බහුදින යාත්‍රාවකට ගොඩවි  ගොඩබිමට පැමිණ ඇත. පසුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් විසින් මෙකි ස්කීපර්වරුන් දෙදෙනා ගාල්ල වරාය පොලිසියට භාරදී  ඇත.

මනුෂ්‍ය ජිවිතවලට  අන්තරාකාරිවන පරිදි  නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන්  ආපදාවට ලක්වු බහුදින යාත්‍රාවේ ස්කිපර්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අනික් ස්කිපර්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහු ගොඩබිමට රැගෙන ඒම සඳහා ආධාර අනුබලදිම සම්බන්දයෙනි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආපදාවට ලක්වු බහුදින ධිවර යාත්‍රාවේ ස්කිපර්වරයා  පොලිසියට පවසා ඇත්තේ  වෙනත් බෝට්ටුවක් රැගෙන එන ලෙස ආපදාවට ලක්වු යාත්‍රාවේ සිටි ධිවරයින් තමන්ට පැවසු බවය. ධිවරකාර්මිකයින් 05 දෙනෙකු   යාත්‍රාව සමග මහමුහුදේ දමා මොහු ගොඩබිමට පැමිණිම  අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව පවසන පොලිසිය  ධිවරයින් 05  දෙනා සමග යාත්‍රාව මහමුහුදේ පාවෙමින් තිබි ඇති බවද පොලිසිය පවසයි. මෙකී යාත්‍රාව නෞකාවක ගැටුනා නම් මහා විනාශයක් සිදුවිමට ඉඩ තිබු බවද පොලිසිය පවසයි.

ආපදාවට ලක්ව  ඇති යාත්‍රාවේ සිටින ධිවර කාර්මිකයින් 05 දෙනා නාවික හමුදාව මගින් ගොඩබිමට රැගෙන ඒමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි. මෙකී ධිවරකාර්මිකයින් ගොඩබිමට පැමිණ පසු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගැනිමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ස්කීපර්වරුන් දෙදෙනා ගාල්ල වරයා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබිය. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර ගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අලෝක   ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

Next Post

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ජිනීවා වලින් නොව රට ඇතුළෙන් හොයන්න…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.