කීර්ති ප්‍රනාන්දු –
වේයන්ගොඩ කොට්ටල පාරේ ප්‍රධාන උත්සව ශාලාවක පසුගිය 26 දා පැවැත්වූ මගුල් ගෙදරකට සහභාගී වුණු 250කට ආසන්න පිරිසක් අතරින් පුද්ගලයින් 93 දෙනෙකුට මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර පවසයි.
අද දහවල් ලැබුණු පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවලට අනුව තවත් රෝගීන් 27 දෙනෙක් සොයා ගැනීමත් සමග ආසාදිතයන් සංඛ්‍යාව 93 තෙක් ඉහළ ගියේය.
ඒ අනුව මේ වනවිට රටේ එක් උත්සවයක් මුල් කරගෙන වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙය බව සෞඛ්‍ය අංශ කියයි.
මගුල්ගෙදර මනමාලයා ඇතුළු පුද්ගලයන් 93 දෙනාම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිටත් අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි මනමාලියගේ ඥාතීන් ඇතුළු 250කට ආසන්න පුද්ගලයින් පිරිසක් පවුල් පිටින් නිරෝධායනයට ලක් කර තිබේ.
නිරෝධායනයට ලක් කළ පිරිස අතර ඡායාරූප ශිල්පී කණ්ඩායම, සංගීත කණ්ඩායම, හෝටල් සේවක මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් විය.