ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැරීමෙන් පසු පළමු වරට ඔහුගේ ඡායාරූපයක් පල වී තිබිණි.
“මිතුරෙකුගේ මිතුරෙකු” විසින් ලබා දුන් ඩොලර් 150,000 ක ඇපයක් සහ ඔහු විසින් ගෙවිය යුතු තවත් ඩොලර් 50,000 ක ඇපයක් මත දනුෂ්ක ගුණතිලකට පසුගිය බ්‍රහස්පතින්දා ඇප ලබා දුන්නේය.
31 හැවිරිදි ධනුෂ්ක අධිකරණ නියෝග මත සෑම දිනකම පොලිසියට වාර්තා කිරීමේ නියෝගය මත සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි ඊස්ට්වුඩ් පොලිස් ස්ථානයේ පෙනී සිටි අද (22) පොලිස්ථානය වෙත ඇතුළුවන විට ලබා ගත් ඡායාරූප ඕස්ට්‍රේලියාවේ news.com.au වාර්තා කළේය.







