ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ICC තාක්ෂණික කමිටුවේ අනුමැතියට යටත්ව කසුන් රාජිත ජාතික සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා එය තහවුරු කළ බව NewsWire වෙබ් අඩවිය වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් තරයෙන් අනතුරුව වේග පන්දු යවන ක්‍රිඩක ප්‍රමෝද් මධුෂාන් ද මස්පිඩු ආබාධයකට ලක් වී සිටියේය.
මේ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා කණ්ඩායම ට එක්වීමට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර බරපතල ආබාධයකට ලක්වීම හේතුවෙන් 2022 T20 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා NewsWire වෙත තහවුරු කර තිබිණි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය හෙට (20) නෙදර්ලන්තය සමග Geelong හිදී පැවැත්වේ.







