දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිති විරෝධී බවත්, වැඩවර්ජනයට එක්වන සියලුම සේවකයින්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
අද රාත්‍රී 12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දුම්රිය ප්‍රවේශපත්‍ර නික්ත් කර තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු වූ අතර ඒ සමගම මගීහු බරපතල අර්බුදයකට මුහුණ දුන්හ.
එය යම් පමණකට හෝ මගහරවා ගැනීම සඳහා දුර ගමන් සේවාවන් ආවරණය වන ආකාරයට බස් රථ යොදවා තිබෙනු දක්නට ලැබිණි.
තමන්ට වසර පහෙන් පහට ලබා දෙන උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවර එක්වරම ප්‍රකාශයට පත් කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර වලින් ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව හෙට දිනය තුළ සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.









