සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නු ම රොබෝ යන්ත්‍රයකට මිනිස් මොළයක් පාස්සති!

by editor
ජූලි 9, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

නිශානී අත්තනායක-

පර්යේෂණාගාරයක තැනූ කුඩා මිනිස් මොළයකින් ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍රයක්  නිර්මාණය කරන්නට චීන විද්‍යාඥයන් සමත්ව තිබේ.

මියගිය අයෙකුගේ සිරුරකට සම්පූර්ණයෙන්ම ආගන්තුක ඔලූ ගෙඩියක් බද්ධ කර නව තැනැත්තේකු බිහිකරන තේමාවක් රැගත් “ෆ්‍රැන්කන්ස්ටයින්” විද්‍යා ප්‍රබන්ධ  කතාව සිහියට නංවන  මේ  රොබෝවරයා ක්‍රියා කරන්නේ විද්‍යාගාරයේ කාබනික ද්‍රව්‍යයන්  මත වැඩුණු මොළයේ සෛල ස්කන්ධයක්, සහ එහි  ස්නායු පද්ධතිය සමඟ අන්තර්ක්‍රියා කරන්නට පහසු සබඳතාවක් තනා දෙන  පරිගණක චිපයක් භාවිතා කරමිනි.

චීන විද්‍යාඥයන් එය ‘චිපයක් මත රැඳී මොළයක්‘ ලෙස විස්තර කර ඇත. චීන විද්‍යාඥයින් කණ්ඩායම මෙම  මොළය ගොඩනැගීමට සාමාන්‍යයෙන් කලලයේ හමුවන පසුකලෙක ඔනෑම පටකයක් හෝ අවයවයක් බවට වැඩී වර්ධනය වීමට සමත් වන මූලික සෛල ගොනුවක් වන ප්‍රාථමික සෛල භාවිතා කර තිබුණි. එය සිය  සංවේදක භාවිතා කරමින් මිනිස් මොළයක් මෙන් ම ක්‍රියා කරයි.   AI බලයෙන් ක්‍රියාත්මක වන ඇල්ගොරිතමයක් ස්වාධිනව චලනය වීමට, වස්තූන් අල්ලා ගැනීමට සහ බාධක මඟහරවා ගැනීමට රොබෝව පොළඹවයි.

මේ  සඳහා  රොබෝවරයාගේ ශරීරයට උපදෙස් ලබා දෙන පරිගණක චිපයක් සමඟ මොළ-පරිගණක අතුරුමුහුණත් (BCI) සබඳතාවක් යොදා  එය මොළය සම්බන්ධ   කර  ඇති අතර එය අතපය චලනය කිරීමට, බාධක මඟහරවා ගැනීමට සහ ඉලක්ක සොයා ගැනීමට විධාන ලබා දීමට උපකාරී වේ. චීනයේ  Tianjin විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් මෙම යන්ත්‍රය නිර්මාණය කර ඇත.

මෑත කාලයේ මොළය සහ – පරිගණක අතර සබඳතා ඇති කිරිමේ හැකියාව සහිතව නිපදවූ Elon Musk ගේ Neuralink චිපය නිර්මාණය කිරීමට භාවිතා කළ ක්‍රම වේදය අනුවම සකස් කළ මොළ – පරිගණක අතුරුමුහුණත් (BCI) සබඳතාවක් මගින්  මොළයෙන් නිකුත් වන විද්‍යුත් සංඥා පරිගණක චිපය සමඟ ඒකාබද්ධ කරන්නට සමත් වි තිබේ. Neuralink හි මෙම අතුරු සබඳතා උපාංගය බ්ලූටූත්   සම්බන්ධතාවයක් හරහා පරිගණකයකට සංඥා සම්ප්‍රේෂණය කරන්ට සමත්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කෘත්‍රිමව වගා කර ගත්  මොළය,  මිනිස් මොළයට සමානවම  බුද්ධියේ සලකුණු පෙන්නුම් කරන බව තහවුරු කර ඇති විද්‍යාඥයන් කියන්නේ මෙම නව සොයා ගැනීම ඉදිරිකාලයේදි   මිනිසාගේ මස්තිෂ්ක බාහිකයට සිදුවන හානි අලුත්වැඩියා කිරීමට සහ ස්නායු ආබාධ සුව කිරීමට ‌ෛවෙද්‍ය විද්‍යාත්මක වෙනත් නව ශිල්පීය ක්‍රම නිර්මාණය කිරීම සඳහා යොදා ගත හැකි වනූ  ඇති  බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා!

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය නීති විරෝධීයි… වර්ජකයින්ට එහෙරවි විනය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශ්‍ය කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.