ඊයේ (04) උදේ වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් දියත් කළ දුම්රිය නියාමකවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර සිදුවූ සාකච්ඡා සාර්ථක බවත් සිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත් හිටුවිමට දුරිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකවරුන් මේ වනවිට නැවත සේවයට පැමිණෙමින් සිටින බව දුම්රිය දෙපාරත්මේන්තු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව සවසවන විට දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මාලිගාවත්ත දුම්රිය අංගනය තුළ දුම්රිය උප නියාමකවරයෙක් සහ දුම්රිය ආරක්ෂකයෙක් අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක සිද්ධියක් දිනය දෙකක් පුරා මගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අපහසුවට පත් කළ වැඩ වර්ජනයක් තෙක් දික්වීම කණගාටුවට කරුණක් බව ලංකාසරට අදහස් දැක්වූ දුම්රිය මගී නියෝජිත කණ්ඩායම් ප්‍රකාශ කළහ.