ලෝක ළමා දිනයට සමගාමීව පැවති උත්සවයකින් අනතුරුව පන්ති කාමරයට පැමිණ පන්තියේ ඩෙස්ක් එකක් මතට නැග සිටි පුස්සැල්ලාව හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ හිසෙහි පන්ති කාමරය තුල ක්‍රියාත්මක කර තිබූ විදුලි පංකාව වැදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (04) සවස මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන රාජරත්නම් සදුර්සම් නැමැති සිසුවෙකි.
ඊයේ සවස 1.40ට පමණ විදුලිපංකාව හිසෙහි වැදීමෙන් බරපතල තුවාල ලද සිසුවා වහුගුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ගම්පොල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ සවස 04ට පමණ සිසුවා මිය ගොස් ඇත.
ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.