අද කොළඹ කොටුවෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටුණු මගියෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද සවස 05.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ බුළුගහගොඩ උප දුම්රියපල ආසන්නයේ ය.
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය දියත් කළ දුම්රිය වැඩවර්ජනයෙන් මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට ද අද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණි.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය තුළ ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කිරීමේදී හොරපේ දුම්රිය ස්ථානය අසල දී ඔහු මෙම අනතුරට මුහුණ දී ජීවිතයෙන් සමු ගත්තේය.
මම වර්ජන තර්ජනය මුලින්ම පැමිණියේ ඊයේ (11) ය. ඊයේ පැය කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා මගී දුම්රිය ගමන් වාර 48 ක් අවලංගු වූයේය. ඊයේ දින මරදාන සිට හික්කඩුව බලා ධාවනය කල දුම්රියේ ගමන් කල මගියෙකු එම දුම්රියෙන් ඇද වැටී මරණයට පත් වූයේය. ඒ සම්බන්ධව විශාල කථිකාවක් ඇතිවුනේ නැත.
ඊයේ සහ අද දිනය තුළ සිදුවූ වර්ජන හේතුවෙන් ජිවිත 02ක් අහිමි විය. එක් පුද්ගලයෙක් බරපතල තුවාල ලැබුවේය.
අද දින සිදුකළ දුම්රිය රියදුරු සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ධාවනය නියමිතව තිබු දුම්රිය ගමන් වාර 118 ක් අවලංගු කිරීමට සිදුවී තිබිණි.
තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව දුමරිය රියදුරු වෘත්තිය සංගම් කියයි.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.