බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් මිල වැඩි වුනේ ඇයි?… පොලොන්නරුවේදී ගොවි මහත්තුරු තේරෙන සිංහලෙන් කියා දෙති!

by editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වී කිලොවක් නිෂ්පාදනය කිරීමට රුපියල් සීයක මුදලක්  ඉක්මවා ගොස් ඇති හෙයින් වී කිලෝවකට රුපියල් 130 ක   සහතික මිලක් අවශ්‍ය කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ  ප්‍රධාන ලේකම් ටී.බී.සරත් අද (12)   පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

වී ගොවියාගේ වී තුට්ටු දෙකට මිලට ගෙන පොළොන්නරුවේ මහා පරිමාණ   සහල් මෝල් ව්‍යාපාරිකයන්  අධික මිල ගණන්වලට  සහල් අලෙවි කරමින් සිටින බවත් ඊට රජය හා පාරිභෝගික අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ලේකම්වරයා කීවේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ  ප්‍රධාන ලේකම් ටී.බී.සරත්

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ටී.බී සරත්  මෙසේද කීය.

අපි මේ කන්නයෙ මුල සිටම රජයට හා වී මෝල් හිමියන්ට අවධාරනය කර සිටියා ගොවියාගේ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් සීයක් ඉක්මවා යන නිසා වී කිලෝවකට රුපියල් 130ක සහතික මිලක් වත් ඕන මේ කර්මාන්තය කරගෙන යාම සදහා කියලා.

එතකොට ආණ්ඩුව කිවුවා සහල් අඩු මිළට දෙන්න ඕන පාරිභෝගිකයො රැක ගන්න ඕන. අනෙකුත් භාණ්ඩ මිලත් වැඩිවෙලා තියෙන නිසා ප්‍රධාන ආහාරය වන සහල් අඩු මිලට දෙන්න ඕන කියලා. අනිත් පැත්තෙන් රනිල් රාජපක්ෂට කඩේ යන පොලොන්නරුවෙ වී මෝල් වහපු හාදයෙකුත් එකතු වෙලා කිවුවා වී මිල 130ට ගියොත් හාල් කන්නෙ කොහොමද කියලා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අපි දැන් ඒ හැමෝගෙන්ම අහනවා හාල් මිල කීයද කියලා. වී ගත්තෙ රුපියල් 100-105යි අතරනෙ. දැන් හාල් මිල කීයද. දැන් කීරී සම්බා කියන හාල් වෙලදපොලේ තියෙනවද. ඇයි හිඟයක් මවමින් ඉන්නෙ. දැන් කීරි සම්බා කිලෝවක් වෙළෙදපොලේ 290යි 300යි. ගොවියට නිෂ්පාදනයට සරිලන මිලක් දුන්නෙත් නෑ. දැන් පාරොභෝගියට සාධාරණ මිලකුත් නැ. ඒ නිසා රනිල් රාජපක්ෂගෙනුත් ඔවුන්ගේ හෙන්චයයියගෙනුත් අහනවා රටේ හාල් මිළට මොකද කළේ කියලා.

දැන් වී මෝල් හිමියො අඩුවට වී ටික ගොවීන්ගෙන් මිළදී අරගෙන හාල් වැඩි මිලට විකුණමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි කලින්ම කිවුවෙ රුපියල් 130ක් වී කිලෝවකට දෙන්න. ඒ වී මිළට සාපේක්ෂව හාල් වලට සහතික මිලක් තීරණ කරන්න කියලා. ආන්ඩුවට මේ වී මිල හාල් මිල තීරණය කරන එක ආන්ඩුවට අගහරු ලෝකයට යන තරම් අමාරුද. ඉන්දියාව රොකට් සද මතට යවනවා. අල්ලපු රට තාක්ෂණයේ හිනිපෙත්තට යනවා. යකඩො අපේ මේ පාලකයන්ට තවම බැරි වෙලා තියෙනවා වී වලටයි සහල් වලටයි පාලන මිලක් තීරණය කරන්න. මොන ආන්ඩුද මේ.

හරි සරලයි. වී සදහා යන නිෂ්පාදන වියදම ගණනය කලා. ඒකට සීයට තුනෙන් එකක ලාභයක් තියලා වී මිල තින්දු කලා. වී කිලෝවක් නිෂ්පාදන වියදම රුපියල් 140ක් වෙනකොට ඒකට සාපේක්ෂව හාල් මිළ ගණනය කරන්න බැරි ඒක අගහරු ලොකෙට යනව තරම් අමාරු වැඩක්ද.

මේක ඇතුලෙ තියෙන්නෙ කුප්‍රකට මුදලාලිලාට මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ  ගසා කන්න ඉඩ හදල දීලා තියෙන එකයි. වෙළදපොල ඇතුලේ කීරී සම්බා හිඟයක් මවලා තියෙනවා. වෙලඳපළේ  හිඟයක් මවන්න කිසසෙත්ම ඉඩක් නෑ. කන්නෙ කපලා මාසයයි.යල් කන්නෙ කපලා ගත්ත වී නිෂ්පාදනය ලබන අවුරුද්දෙ මාර්තු වෙනකල් පරිභෝජනය කරන්න ප්‍රමාණවත්ව තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් ලබන්නත් කලින් හාල් හිගයක් ඇතිවෙන්න හේතුවක් නෑ.

මේ තියෙන්න වි ස්ටොක් හංගලා හිඟයක් ඇති කරලා වෙලඳපොලට එවන්නෙ නැතුව   හිඟය මත හාල් මිල වැඩි කිරීමේ උවමනාව.  . ඒ නිසා මේ වනවිට ගොවීන් 70%ක් වී විකුණලා ඉවරයි. 70% වෙලඳපොලට වී ආවට පස්සෙ ඒ වී තොග අවම ජනවාරි දක්වාවත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ නිසා සහල් හිගයක් ඇතිවෙන්න බෑ. වෙනවනම් වෙන්නෙ කුප්‍රකට මුදලාලිලා හා රනිල් රාජපක්ෂ ආන්ඩුවේ ඒකාබද්ධ වැඩපිළිවෙළක්   මේ තියෙන්නෙ.

ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආන්ඩුවට මේ කියන්නෙ මේකට වහාම මැදිහත් වෙන්න. එක පැත්තකින් නිෂ්පාදකයා විනාශ කළා. පාරිභෝගිකයා විනාශ වෙන්න කලින් සාධාරණ සහතික මිළක් තියන්න කියලා අපි කියනවා.

එහෙම මැදිහත් නොවෙනවනම් පාරිභෝගික ජනතාවත් මේ රටේ ගොවියත් ලක්ෂ ගණනින් පාරට බැහැලා මීට එරෙහිව අරගලයක් හෙට දවසෙ නිර්මාණය කරනවා…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය වර්ජනයේ ශේෂ පත්‍රය… මරණ 02යි… තුවාලකරුවන් 01 යි…

Next Post

විස්තරය කෙටියෙන්….  දුනිත් වෙල්ලාලගේ සහ ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාදයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.